IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දරුවාට ශිල්පය කියා දෙන්න ගිහින් අන්තිමේ බිරියත් දන්දෙන්න වෙලා

 (උණවටුන ඩී.ජී. සුගතපාල)
ඔහු හතළිස් හය හැවිරිදි වියේ පසුවූ අතර ඇය තිස් අටවන වියේ පසුවූවාය. ඇය තම දරුවාට ශිල්ප ලබාදීම සඳහා ඔහු වෙත ගියාය. ඔහුද දරුවාට ශිල්ප ලබා දීමට කැමති විය. දැන් ඇය දරුවාට ශිල්ප ලබාදීම සඳහා දිනපතා සවස දරුවාද සමඟ ඔහු සොයා යන්නේය. ටික දිනක් යනවිට දරුවාට වඩා මවට ශිල්ප ලබාදීමේ ආශාවක් ඔහුට ඇති විය. ඔහු ඒ බව සංඥා භාෂාවෙන් සහ ව්‍යංගයෙන් ඇයට පැවසීය. ඇයද එකපයින් එයට කැමති විය.


දැන් ඔහු ඇයට ද ශිල්ප දක්වන්නේය. එහෙත් ඒ අන් අයට හොර රහසේය. ටික කලක් යනවිට හොර රහසේ ලබාදෙන ශිල්ප පිළිබඳව ඇයගේ සැමියාටද ආරංචි විය. එහි ප්‍රතිඵලය ලෙස ඇය සැමියාට කඩු ශිල්ප දුනු ශිල්ප මෙන්ම විවිධ ශිල්ප පාන්නට වූවාය. ඒවා ඉවසාගත නොහැකිවූ සැමියා පොලිසියට පැමිණ තමා බේරා ගන්නා ලෙස පොතේ සටහන් කළේය.


මේ අතර ඇය පින්වත් කුමරියක් ප්‍රසූත කළාය. එහෙත් කුමරියගේ පීතෘත්වය බාර ගැනීමට ඇයගේ සැමියා ප්‍රතික්ෂේප කළේය. එපමණක් නොව තමාට ඇයගෙන් දික්කසාදවීමට අවශ්‍ය බවද ඔහු කියා සිටියේය. පැමිණිල්ල අනුව දෙපාර්ශවයම පොලිසියට කැඳවිය. ඇය සිඟිත්තියද තුරුළු කරගෙන පැමිණ සිටි අතර ඇය අසලින් ඇයට ශිල්ප ලබාදුන් ගුරාද සිටියේය. ඔවුන් ඉදිරියෙන් ඇයගේ නිත්‍යානුකූල සැමියා විය.


ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා චෞද්රි මෙනෙවිය හමුවේ දරුවා තමාගේ නීත්‍යානුකූල සැමියාගේ නොවන බව ඇය පිළිගත් අතර දරුවා තමාගේ බව ගුරා පිළිගත්තේය. එනිසා දරුවාත් මවත් බාර ගැනීමට තමන් සූදානම් බව ගුරා කියා සිටියේය.


එවිට පොලිස් පරීක්ෂකවරිය ඔහුගෙන්  විමසා සිටියේ තමාගේ නිත්‍යානුකූල බිරිඳ සහ ළමයි ගැන සොයා බලන්නේ කව්දැයි යනුවෙනි. එහිදී ඔහු කියා සිටියේ දෙදෙනාම මාරුවෙන් මාරුවට බලා ගන්නා බවය. ඒ අනුව පොලිස් පොතේ අත්සන් කළ ඇය දරු සිඟිත්තාද තුරුළු කරගෙන තමාට ජිවිතයේ හොඳම ශිල්ප ලබාදුන් ගුරා සමඟ යන අයුරු සැමියා බලා සිටියේය පසුව ඔහුද දික්කසාද නඩුවක් පැවරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා පොලිසියෙන් පිටව ගියේය.

 



අදහස් (0)

දරුවාට ශිල්පය කියා දෙන්න ගිහින් අන්තිමේ බිරියත් දන්දෙන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site