ගම්පහ දුම්රිය පොළෙන් කොළඹ දුම්රියට ගොඩ වූ සුරූපි තරුණියෝ දෙදෙනෙකි. දෙදෙනාම ජංගම දුරකතනයේ ‘ඉයර් පෝන්’ කනේ ගසාගෙන සිටියහ. මුහුණේ ඉරියව්වලින් පෙනුණේ ඔවුන් අමුතුම ලොවක සිටින බවය. දුම්රියද මිනිත්තු 45ක් පමාවී තිබිණි සෙනඟ ඇගිල්ලක් ගසන්නවත් ඉඩක් නොතිබිණ. කැලණිය දුම්රිය ස්ථානය පසුකරනවාත් සමග තරුණියක් කලබල වූවාය. අනේ මගේ සෙරෙප්පුවක් නෑ ඇය මහා හයියෙන් කීවාය. දුම්රියේ ගමන් ගත් මගියෝ ද කලබල වූහ. කකුළෙන් ගලවා ගත්තේ කෙසේ දැයි ඇතැමෙක් ඇසීය. හැමෝම සෙරෙප්පුව සොයන්නට වූහ. ඒ අතර එක් වයෝවෘද්ධ කාන්තාවක් ඇය වාඩිවී සිටි ආසනයට යට තිබී සපත්තුවක් දැක මෙයදැයි විමැසුවාය. ඔය මගේ සපත්තුව කියා ඇය වහා එය අතට ගෙන පයේ ලා ගත්තාය. කකුළේ දමාගෙන සිටි සෙරෙප්පුව එතැනට ගියේ කෙසේදැයි ඒ අසල සිටි කාන්තාවක එම තරුණියගෙන් විමසුවාය. ‘‘නෑ මට ඔය සෙරෙප්පු දෙක යාළුවෙක් තමයි තෑගි කෙළේ, මගේ උපන්දිනේට. අද තමයි ඉස්සෙල්ලාම දාගත්තේ කෝච්චියේ සෙනඟ වැඩි නිසා ඔවුනට පෑගී හීරී යනු ඇතැයි සිතා ගලවා අයිනෙන් තිබ්බා ”යැයි ඇය කියන විට දුම්රිය මැදිරියේ ගමන් ගත් අයට සිනහව නවත්වා ගැනීමට බොහෝ වේලාවක් ගතවිය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දුම්රියේ අමුතු ලෝකයක සිටි තරුණියගේ සෙරප්පුව අතුරුදන් වෙලා
දිල්ෂාන් Tuesday, 03 January 2012 12:11 AM
ෂෝක අය තමයි දැන් ඉන්නෙ
දොන් Tuesday, 03 January 2012 02:44 AM
තව මොනව නැතිවෙලාද දන්නේ නෑ?
විපුල් Tuesday, 03 January 2012 03:17 PM
අනේ මෙහෙමත් කෙල්ලො. මේ අයට රජකාලේ දඩුවම් දෙන්නයි වටින්නේ
විස්ව Saturday, 31 December 2011 09:25 AM
හරිම ෂෝක්
මහේෂ් මධුරංග Wednesday, 28 December 2011 01:06 PM
හරිම ශෝක්නෙ
සුරංග Wednesday, 04 January 2012 01:26 PM
වෙන දෙයක් උනත් ඔහොම තමයි....
අංජන Wednesday, 28 December 2011 02:56 PM
සෙරප්පුව නෙමෙයි වෙන දෙයක් නැති වුණත් සිහියක් නැති අය තමයි දැන් ඉන්නෙ