ඔහු දකුණු පළාතේ ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකි. අලූතෙන් තනන නිවෙසට යකඩ බඩු ගත්තේ නගරයේ හිතවත් වෙළෙඳ සලකිනි. ඔහු එන හැම දිනකම වෙළෙඳ සල් හිමියා විශේෂ තේ සංග‍්‍රහයක් සූදානම් කිරීම සිරිතක් විය. ඔහු එදිනද ආවේ අලූත් රියැදුරකු සමගය. තේ සංග‍්‍රහය සූදානම් කළද තේ බීමත් සමඟ දුම්වැටියක් දල්වා ගැනීම ඔහුගේ සිරිතක් හෙයින් තමා ළඟ දුම් වැටි නොවූ නිසා තරමක් එහා කඩයකට ගියේය. දුම්වැටියක් මිලදී ගැනීමටය. මේ අතරතුර තේ සංග‍්‍රහය දුටු රියැදුරා එය තමාට සූදානම් කළ එකකැයි සිතා සියල්ල කා බී වාහනයට ගියේ මුදලාලිටත් ඒ බව නොකියාය. මුදලිලා ව්‍යාපාරිකයා සමඟ තේ බොමු කියා එතැනට යන විට සියල්ල කා බී අවසන් කොට තිබුණෙන් ඔහුට තරු පෙනුණාලූ.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ බිව්වත් සිගරට් එකනම් අනුමත කරන්නේ නෑ , ව්‍යාපරිකයගේ සල්ලි ඔක්කොම වියදම් කරන්න වේවි පිළිකාවක් හැදුනොත් , දුම්පානය නවත්වන්න (ස)
අවුලක් නෑ කාලනේ පැනලා ගියේ .අපේ අය කාල ශේප් එකේ මාරු වෙන්න දක්ෂයිනේ (ස)
ඔහොම වැරදීම් වෙනවා (ස)
දුම්පානය ශරීර සුවසෙතට හානිකර බැවින් මෙවැනි අත්වැරදීම් මගින් දඩුවම් ලැබීම යහපත්ය. (නි)
රියදුරා තැනක හැසිරෙන්න දන්නේ නෑ (ස)
මේක බොරු කතාවක්.රියදුරු අලුත් කෙනෙක් නම් එයා කොහොමද දන්නේ මේ තේ සංග්‍රහය තමාට කියල. ඒ කඩේ වෙන කව්රුත් හිටියේ නැද්ද ? (ස)
ව්‍යාපාරිකයා රියදුරාට කන්න නොදී එක්කන් ඇවිත් තියෙන්නේ (ස)
රියදුරන් ගැනමයි මේ කතා දෙකම. හැබැයි ඇති වරදකුත් නැහැ. රියදුරු අසුනෙ ඉඳ ගන්න ලංකාවෙ බොහෝ අය ගෝත්‍රික ලක්ෂන පෙන්වනවා.ඒක සමහර විට අපේ ජම්ම ගති වෙන්න ඇති.(ස)
අනේ මෙහෙමත් වැඩ? (නි)
දුම්පානයේ ආදීනව, තේ නැත. ලෙඩ ලැබෙනු ඇත.(ස)
නොදන්න කමට ඔහොම වෙනවනේ . අනික කාගේ හරි කුස පිරුනනේ ...(ස)
ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නේ . සමහරු අනුන්ගේ මගුල් ගෙවල්වල ගිහිල්ලා කාලා බීලා ගුටිකාලා යන්නේ (ස)
සතුටුවෙන්න පුළුවං කාරණයක්... මොකද කාගෙ හරි බඩ පිරුණනේ.. ඒක ලොකු පිණක්..!(නු)
රියදුරු අලුත්නේ .මුදලාලි හා හාම්පුතා වැදගත් අය නිසා වැදගත් අය නිසා සතුටින් බුක්තිවිදලා පින් දිදී යන්න ඇති (ස)