සංගමයකින් ඉවත් වූ පිරිසක් එහි සභාපතිට හොරෙන් ඔහුගේ දුරකථන අංකය යොදා නොමිලේ පාසල් පොත් ගන්න එන්න යැයි කියමින් ගම් පුරා පෝස්ටර් ඇලවීම නිසා සභාපති දැඩි දුෂ්කරතාවට පත්වූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
ගමේ ප‍්‍රසිද්ධ තැන්වල නොමිලයේ පාසල් පොත් දෙන බව කියා පෝස්ටර් අලවා තිබී ඇත. අවශ්‍ය අය පහත දුරකථන අංකයට අමතන ලෙස ද එහි සඳහන් කර තිබිණි. එය දුටු ගමේ නැතිබැරි අය කතාකර අනේ මහත්තයෝ අපිත් දුප්පත් අය. ඒ නිසා අපේ ළමයින්ටත් පොත් දෙන්නකෝ කියා ඉල්ලීමක් කර තිබේ. එවිට සභාපති මම කොතනකවත් නොමිලයේ පාසල් පොත් දෙන බව කියලා නෑ. ඔයාලාට වැරදීමක් වෙලා යැයි පවසා තිබේ. එහෙනම් මේ පෝස්ටර් ගහලා තියෙන්නේ ඒක බොරුවක්ද කියා ඔවුන් විමසා තිබේ.
මේගැන සොයා බැලූ සභාපතිට කාරණය වැටහී තමා සමග අමනාප වූ කොටසක් කළ නොසන්ඩාල වැඬේ ගැන පොලිසියට ගොස් පැමිණිල්ලක් කර ඒ පිළිබඳ සොයන්නැයි ඉල්ලීමක් කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තරහකාරයන්ගේ පෝස්ටරයට සභාපතිට තරුපෙනිලා
රංජන Thursday, 07 February 2013 04:48 AM
අයියෝ සල්ලි!(නදී)
ලලිත් - කටාර් Saturday, 19 January 2013 05:33 PM
සරත් නිවැරදියි. (නි)
ජයතිස්ස Saturday, 19 January 2013 11:41 AM
සභාපතිතුමා පුලුවන් විදියට පොත් ටිකක් බෙදුවා නම් හරිනේ. (නි)
රොහාන් Friday, 18 January 2013 02:06 PM
ඒක මාර වැඩක්නේ (දී)
සරත් Friday, 18 January 2013 08:52 AM
සභාපතිතුමාට තිබුණා එක පෙත ගානේ හරි දෙන්න (ස)
වරුණ Friday, 18 January 2013 09:46 AM
මේ කොයි පළාතේ වෙච්ච දෙයක්ද ? (ස)
සරත් Friday, 18 January 2013 10:51 AM
එයාට හතුරුකම් කරපු අයට පාඩමක් උගන්වන්න තිබුණේ පොත් ටිකක් බෙදලා දුන්නානම් තමයි (ස)
ආනන්ද Friday, 18 January 2013 11:12 AM
අන්න ඒ වැඩේ නම් නියම වැඩක් (දී)
නිත්‍යා Saturday, 19 January 2013 03:19 PM
කාගේ හරි කැත වැඩක්. අසරණ ජනතාව මුලානොකර කරන දෙයක් කරගන්න තිබුණා.(ස)
ජයතිස්ස Saturday, 19 January 2013 03:39 PM
මේවා කාගේ උවමනාවට කරත් කැත වැඩ (ස)