වා සැකැසූ සුවපහසු කාර්යාලයක ඉහළ වැටුපකට ලිපිකරුවකු වශයෙන් පැමිණි තරුණයකුට එම රැුකියාව සඳහා ටයිපටියක් පැළඳීමට අවස්ථාව නොලැබුණ බැවින් ඊට පහළ වැටුපකට ටයි පටියක් පැළඳ එම ආයතනයේම ඇවිදින රැුකියාවක් තෝරා ගැනීමේ අපූරු පුවතක් මහනුවර ප‍්‍රදේශයේ පුද්ගලික ආයතනයකින් වාර්තාවේ.
සිද්ධිය සැකවින් මෙසේයි.
මහනුවර ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ලිපිකරු සේවය සඳහා තුරුණු වියේ පුද්ගලයෙක් පැමිණියේය. දින දෙක තුනක් ඔහු එම ආයතනයේ සේවය කරන අතරතුර ඔහු කිසියම් මානසික අසහනයකින් පෙළෙන බව ආයතන ප‍්‍රධානියාට දැනීගියත් ඔහු ඒ පිළිබඳව කිසිවක් නොඅසා සිටීමට වග බලා ගත්තේය.
සතියකට පමණ පසු ඔහු ආයතන ප‍්‍රධානියා හමුවිය. තරුණයාගේ පැනය වූයේ ලිපිකරු රැුකියාව කරන විට ටයි පටියක් පැළඳිය නොහැකිද යන්නයි. ප‍්‍රධානියාගේ පිළිතුර වූයේ ආයතනයේ ලිපිකරුවන් කිසිවකුත් ටයිපටි නොපළඳින බැවින් ඔහු පමණක් ටයි පටියක් පැළඳීම නොගැලපෙන බවයි.
ආයතනයේ ටයිපටි පළඳිනු ලබන්නේ ආයතනයේ ස්ථිර සේවයේ නොමැති ක්ෂේත‍්‍රයේ ඇවිදිමින් රැකියාව කරන ව්‍යාපාර ප‍්‍රවර්ධන නිලධාරීන් පමණක් බවත් අවශ්‍ය නම් එවැනි තනතුරක් ලබාදිය හැකි බවත් ප‍්‍රධානියා තරුණයාට දැනුම් දුන්නේය.
දින දෙක තුනකට පසු අදාළ ආයතනයේ ප‍්‍රධානියා හමුවූ තරුණයා ඔහුට ව්‍යාපාර ප‍්‍රවර්ධන නිලධාරී තනතුරක් හදාදෙන ලෙස ඉල්ලීමක් කළේය.
දැන් ඔහු අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් ටයි පටියක් පැළඳ මහමග ගමන් කරන අයුරු දැකගත හැකිය.