IMG-LOGO

2023 මැයි මස 31 වන බදාදා


ඡන්ද ඔට්ටුව පැරදී ගෙදර ටී.වී. බැලීමත් නැවතිලා

(වියලූව වර්තාකරු)
ඡුන්ද ඔට්ටුවක් පැරදීම නිසා රසවත් ටෙලි නාට්‍ය කීපයක් බැලීමේ වරම අහිමි වූ කාන්තාවකට අල්ලපු ගෙදරට ගොස් එම කටයුත්ත ඉටුකර ගන්නට සිදු වූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


දැනගත් අන්දමට සිදුවීම මෙසේය.


ඔහුත් ඇයත් අඹු සැමියෝය. එක නිවසේ කොපමණ සතුටින් ජීවත්වුවත් ඔවුහු දේශපාලනය කළේ මේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකටය.
”මගේ අම්ම තාත්ත, පරම්පරාවම අහවල් පක්ෂයේ” කාන්තාව කීවාය.


අපෝ අපිනම් කැපුවත් ඔය පක්ෂයට ඡුන්දේ දෙන්නේ නැහැ. සැමියාද කීවේය.


මවගේත් පියාගේත් මේ දේශපාලනය දරුවන්ට ද සතුටක් ගෙන දුන්නේ ඔවුන් දෙදෙනා විටෙක කරන තර්ක විතර්ක නිසාය.
ඔය අතරේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වෙද්දී මේ දෙදෙනාම තම පක්ෂ දෙකේ අපේක්ෂකයන් ජය ගන්නා බවට උදම් ඇල්ලූහ.
‘‘හරි මගේ අපේක්ෂකයා දිනුවොත් කිසිම දවසක ආයේ මේ ටී.වී. එකේ නාට්‍ය බලන්න මම එන්නේ නැහැ’’. ඔය අතරේ බිරිය අපූරු ඔට්ටුවක්ද ඇල්ලූවාය.


බිරියගේ ටෙලි නාට්‍ය බැලිල්ල කරදරයක් සේ සිතූ සැමියාට ද එය අපූරු ඔට්ටුවක් විය.


‘‘හරි මගේ අපේක්ෂකයා පැරදුණොත් මම කවදාවත් මේ ටී.වී. එක ළග වාඩි වෙන්නේවත් නැහැ’’. සැමියා ද එක පයින් ඔට්ටුව බාර ගත්තේය.
පාසල් වියේ පසු වූ දරුවෝ සාක්ෂිකාරයෝ වූහ.


ප‍්‍රතිඵල ප‍්‍රකාශවීමත් සමඟම බිරිය පරාජය බාර ගත්තාය. දින කීපයක් රූපවාහිනිය අසලටවත් ඇය නොආවාය.


බිරිය ගැන දුක සිතූ සැමියා ඇයට ඔට්ටුව පසෙක තබා රූපවාහිනිය බලන්න කීවත් ඇය ඒ අසලටවත් නොආවාය. එහෙත් දැන් ඇය හිමින් සීරුවේ තම ප‍්‍රියතම ටෙලි නාට්‍ය කීපය අසල නිවසකට ගොස් බලන බව දැන ගන්නට ඇත. 

 

 



අදහස් (0)

ඡන්ද ඔට්ටුව පැරදී ගෙදර ටී.වී. බැලීමත් නැවතිලා

සියාඩ් Tuesday, 20 January 2015 11:44 AM

හැබැයි ඉතින් අල්ලපු ගෙදරට වැඩිය යන එකත් එච්චර හොඳ නැහැ (නි)

:       0       0

රෆීස් Tuesday, 20 January 2015 06:40 AM

අල්ලපු ගෙද‍ර කෙනාට දැන් එපාවෙලා ඇති (නි)

:       0       0

අශෝක රළපනාව Tuesday, 20 January 2015 07:20 AM

බලාගෙන... අන්තිමට ඔට්ටුව මට්ටුවක් වෙයි (නි)

:       0       0

බර්නාඩ් Wednesday, 21 January 2015 02:39 AM

හොඳම ඡන්ද ඔට්ටුව. ලංකාවේ කාලය කන ටෙලිනාට්‍ය. ඕවා නොබලන තරමටම හොඳයි. (නි)

:       0       0

කෝලිත පෙරේරා Wednesday, 21 January 2015 08:46 AM

‘‘හරි මගේ අපේක්ෂකයා දිනුවොත් කිසිම දවසක ආයේ මේ ටී.වී. එකේ නාට්‍ය බලන්න මම එන්නේ නැහැ’’ - බිරිය ‘‘හරි මගේ අපේක්ෂකයා පැරදුණොත් මම කවදාවත් මේ ටී.වී. එක ළග වාඩි වෙන්නේවත් නැහැ’’ - සැමියා ඒ කියන්නෙ දෙන්නම ඔට්ටු අල්ලල තියෙන්නෙ මෛත්‍රීපාලටද​? (නදී)

:       0       0

ශාන සෞදි Tuesday, 20 January 2015 01:32 PM

ඕක මොකද්ද? අපේ ඇමති කෙනෙකුත් ඔට්ටු ඇල්ලුවේ? වෙලාවට කවුරුවත් ආවේ නැහැ. ඔට්ටුවට ආවා නම් අද එයා මහපාරේ (නි)

:       0       0

රුවන් Tuesday, 20 January 2015 07:59 AM

මහත්තයෝ, ඔට්ටුව දිනුවා වගේ නෙමෙයි, බිරිඳ තනියම අහළ,පහළ ගෙවල් වලට යවන්නේ බලාගෙන (නි)

:       0       0

රුවන් Tuesday, 20 January 2015 08:03 AM

මේ ඔට්ටුව අල්ලලා තියෙන්නේ 'මේ ටී.වී.එකෙන් නාට්‍ය බලන්නේ නැහැ' කියලනේ. ඉතින් ඔය ටී.වී.එක විකුණලා වෙනත් එකක් ගත්තා නම් ප්‍රශ්නය ඉවරනේ? (නි)

:       0       0

හර්ෂණ Tuesday, 20 January 2015 08:06 AM

හා හා! අල්ලපු ගෙදරට යන්න ක්‍රමයක් හදාගෙන වගේ (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 January 2015 01:43 PM

අන්තිමට වෙනත් සබඳතා ඇතිවෙන්න ඉඩතිබෙන නිසා දැම්ම ඔය ළඟ ගෙදරට යන එක නැවැත්තුවොත් හොඳයි. (නි)

:       0       0

ජයා Tuesday, 20 January 2015 08:28 AM

අපරාදේ ගෙදර නෝනාට කොහෙවත් යන්න ඕනේ නැහැ. බලන්න ආයිත් හරියට. "හරි මගේ අපේක්ෂකයා දිනුවොත් කිසිම දවසක ආයේ මේ ටී.වී. එකේ නාට්‍ය බලන්න මම එන්නේ නැහැ’’. ඔය අතරේ බිරිය අපූරු ඔට්ටුවක්ද ඇල්ලූවාය" ඉතින් මේ කියලා තියෙන්නේ දිනුවොත් එන්නේ නැහැ කියලානේ. දැන් එයා පැරදිලා හින්ද ඒ ටීවී එක බලන්න පුළුවන්නේ. (නදී)

:       0       0

අසේල Tuesday, 20 January 2015 08:32 AM

බිරිඳ : ‘‘හරි මගේ අපේක්ෂකයා දිනුවොත් කිසිම දවසක ආයේ මේ ටී.වී. එකේ නාට්‍ය බලන්න මම එන්නේ නැහැ’’ සැමියා : ‘‘හරි මගේ අපේක්ෂකයා පැරදුණොත් මම කවදාවත් මේ ටී.වී. එක ළග වාඩි වෙන්නේවත් නැහැ’’ මේ විදියට නම් එක්කෝ දෙන්නම ටීවී බලනවා, නැත්නම් දෙන්නම බලන්නේ නැහැ. අල්ලපු ගෙදරට මොකට ගියාද කියලා හොයලා බලන්න වෙයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 22 January 2015 12:54 AM

අපේ අල්ලපු ගෙදර කට්ටිය පසුගිය අවුරුදු 07 ක 08 ක සිට බැලුවේ නාලිකා දෙකයි. දැන් ඒගොල්ලන්ට බලන්න ටී.වී. චැනල් එකක් නැතිලු. ඒක නිසා ටී.වී එක දාන්නෙත් නැහැලු. (නි)

:       0       0

චතුර Tuesday, 20 January 2015 10:17 AM

හොද වැඩේ ඔට්ටු දාන්න යනවට.(හේ)

:       0       0

රුවන් Tuesday, 20 January 2015 10:27 AM

කල්පනාවෙන් නැත්නම් පවුලත් අවුල් යයි. අල්ලපු ගෙදර යන්න පටන් ගත්තොත්. එහෙට යන්න ඕනවට අල්ලපු ඔට්ටුවක් වෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

සරත් Tuesday, 20 January 2015 05:03 AM

බත් මුට්ටිය ඉදෙනකම්නේ....(බ)

:       0       0

සුරියසේන Tuesday, 20 January 2015 10:48 AM

මහින්ද .මෛත්‍රී හොඳින් ඉන්නවා. ගෝලයෝ රන්ඩු කරනවා,(හේ)

:       0       0

ධනුක Tuesday, 20 January 2015 11:08 AM

මේ ඔට්ටුව තව හොඳයි . සමහරු ගෙවල් දොරවල් නේ ඔට්ටු තිබ්බේ. (හේ)

:       0       0

රොහාන් Tuesday, 20 January 2015 06:17 AM

ඒක නම් නියම ඔට්ටු ඇල්ලිල්ල! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෑම නානවාට ප්‍රින්සිපල්​ගෙන් අමුතුම පාඩමක්
2023 මැයි මස 31 53 0

පන්ති කාමරයේ ඉදුල් හල හලා කෑකෝ ගසමින් කෑම කෑ සිසු, සිසුවියන්ට විදුහල්පතිවරයා දුන් අපූරු දඬුවමක් පාසල පුරාම විදුලි වේගයෙන් ප්‍රචාරයවූ පුවතක් දකුණු පළ



හරකා මරන්න දීලා හිස් කබල සිහිවටනයකට ඉල්ලලා
2023 මැයි මස 26 1265 1

කාලයක සිට ඇති දැඩි කරන ලද ගොන් වස්සා මසට අලෙවි කර හිස් කබල සහිත අං දෙක නිවසේ එල්ලා තබා ගැනීමට ආපසු ඉල්ලා ඇතැයි කියන ගොවියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශ


මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක්
2023 මැයි මස 25 1123 0

බස් රථයක් තුළදී එම මීයන් රොත්තක් මල්ලකින් එළියට පැනීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවට පත් වී මීයන් රැගෙන ගිය පුද්ගලයාද දැඩි දෝෂාරෝපණයට ලක්ව


සුද්දාගේ තාලෙට අචාර කරන්න ගියාම බල්ලාට තද වෙලා
2023 මැයි මස 24 1380 0

බටහිර රටක සිට පැමිණ බටහිර ක්‍රමයට ආචාර සමාචාර කරන්නට ගොස් සිරුරේ පිටුපස සිදුරු කරගත් කතක ගැන කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


ඉඩමෙ වැට මතක් කළාම උන්හිටි තැනත් අමතක වෙලා
2023 මැයි මස 23 1246 0

පොහෝ දිනක සිල්ගන්නට පන්සලට ගොස් සිල් බිඳගත් පුද්ගලයකු ගැන දකුණු ලක ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 76 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 796 0
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 495 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site