IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගුරුවරයාගේ උපහැරණයට ගෝලයාගෙන් අපූරු පිළිතුරක්

උපහැරණ මගින් උදාහරණ පෙන්වා දුන් උපකාරක පන්ති ගුරු භවතකුගෙන් ගෝලයකු ඇසූ ප‍්‍රශ්නයකට උත්තර නැතිවූ කතාවකි මේ. පෙනුමෙන් ප‍්‍රියමනාප ඔහු කාගේත් සිත් ගත්තෙකි. සිංහල භාෂාවෙහි නිපුණයකු වූ නිසාම ඔහු සිසුන් අතර ද කැපී පෙනුණේය. දිනක් පන්ති කාමරයේ පාඩම් ආරම්භයට පෙර අපූරු උපහැරණ කතාවක් ආරම්භ කළේය. දරුවනේ අපේ මේ ජීවිතයේ මේ කාලේ ලබන අත්දැකීම් ආයෙ කවදාවත් ගන්න බෑ. මේ කාලේ තමයි ජීවිතයේ හොඳම කාලේ. ඔය දරුවන් අධ්‍යාපනය ගැනම සිත යොමු කර කාලය කැප කරනවා කියන්නේ මේ වයස, කාලය ආයෝජනයකට යොදවනවා කියන එකයි. අපේ මේ අධ්‍යාපනය කියන්නේ පූජනීය දෙයක්. ඒ පූජනීය ස්ථානයට ඇතුළු වෙද්දි අපි ඉතා ගරු සරු ඇතිව පැමිණිය යුතුයි. ඒ වගේම මේ අධ්‍යාපනය කියන පුද බිමට ඇතුළු වෙද්දී ඔය දරුවෝ දැන ගන්න  ඕනෑ ”පේ‍්‍රම සම්බන්ධතා” කියන පාවහන් ගලවලා යන්න. අපිට එයින් ලැබෙන ප‍්‍රතිඵලය ඉතා වැදගත්. ඉතා පැහැදිලි ලෙස ගුරුවරයාගේ කතාව අසා සිටි ගෝලයන් පිරිස අතරින් එක් අයෙක් නැගිට මෙසේ ඇසීය. සර්.... අපි පේ‍්‍රම සම්බන්ධතා කියන පාවහන් අධ්‍යාපනය කියන පුද බිමට ඇතුළු වෙද්දී ගලවලා ආවයි කියමු. අපි ආයෙත් ඒ පුද බිම වන්දනා කර යනකොට ඒ පාවහන් වෙන කෙනෙක් දාගෙන ගිහිං හිටියොත් මොකද කරන්නෙ. පන්තිය දැඩි නිහඬතාවක් ඇති විය. ගුරුතුමාට පිළිතුරු නැති විය. සර් ඔය ප‍්‍රශ්නයට උත්තරය මම දෙන්නද? එක් ගෝලයෙක් ඇසීය. ගුරුවරයා මද සිනාවක් පෑවේය. එය හා කියන්නාක් මෙනි. සර්.... ඔය විදියට අධ්‍යාපනය කියන පුද බිමට ඇතුළු වෙද්දී පේ‍්‍රම සම්බන්ධතා කියන පාවහන් ගලවා ගියාම ඒ පාවහන් වෙන කෙනෙක් දාගෙන ගිහිං නම්..... අපිත් ඒ වගේ තවත් කෙනෙක් ගලවලා ගිය පාවහන් දෙකක් දාගත්ත නම් හරිනේ.... ගුරුවරයා උදාහරණ උපහැරණ කතාව නවතා පාඩමට ප‍්‍රවිෂ්ට විය.



අදහස් (0)

ගුරුවරයාගේ උපහැරණයට ගෝලයාගෙන් අපූරු පිළිතුරක්

නදුන් Wednesday, 07 March 2012 07:14 PM

සෙරෙප්පු දෙකට ඉබ්බෙක් දාලා ගියානම් හරි

:       0       0

අනු චාන් Tuesday, 06 March 2012 12:13 PM

මේ නම් සන්නස්ගල සර්ගෙ පන්තියෙ පාඩමක් වෙන්න ඇති.

:       0       0

තරු Tuesday, 06 March 2012 01:33 PM

අනේ හරි ලස්සන කතාවක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site