නැකතට වැඩ කරන පියා නිසා පුතාට මනාලිය අහිමිවීමේ පුවතකි.
ඔහු රාජ්‍ය ආයතනයක සාමාන්‍ය නිලධාරියෙකි. මිතුරකුගේ මාර්ගයෙන් දැන හඳුනාගත් තරුණියක හා කතාබස් කළ ඔහු කෙටි කලකදීම ඇය සිය සහකාරිය ලෙස තෝරා ගන්නට තීරණය කළේ ඒ සඳහා ඇයට බොහෝ සුදුසුකම් ඇති බව තේරුම් ගැනීම නිසාය
කලක් තිස්සේ පැවති ආදර සම්බන්ධතාවය ගැන මෙන්ම ඇය ගැනද ඔහු නිවසේ උදවියට ද පවසා සිටියේ ඇය සමඟ විවාහ විය යුතුයැයි පවුලේ පිරිසට ද යෝජනාවක් ගෙන එමිනි.
ඒ අනුව දෙපාර්ශවයේ ඥාතීන් සමඟ දුරකථන මගින් කතා කරගත් පරිදි පසුගිය දිනක මනමාල පාර්ශවයේ උදවිය මනාලියගේ පාර්ශ්වයේ නිවස බලා යාමට තීරණය කළේ ඉපැරණි චාරිත්‍ර වාරිත්‍රවලට අනුව එය අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව ද එකිනෙකාට පවසා ගනිමිනි. ඒ සඳහා දිනයක් ද තීරණය කෙරිණි.
ඒ අනුව තම නිවසට පැමිණෙන දියණියගේ අනාගත සහකරුවා පිළිගන්නට මනාලියගේ පාර්ශ්වයේ උදවියද විය පැහැදම්කොට දිවා ආහාරය ඇතුළු සියලු පහසුකම් සැලසුවේ එහි කිසිදු අඩුපාඩුවක් සිදු නොවන්ටද වග බලා ගනිමිනි.
මනාලියගේ නිවස බලා පිටත්වීමට නියමිත දිනයේ සියලු කළමනා සුදානම් කරගත් මනාල පාර්ශවයේ පිරිස නිවසට ගෙන්වා ගත් වෑන් රථයකින් මනාලියගේ නිවස බලා යාමට පිටත් වූයේ නැකතට වැඩකරන පියා විසින් සකස් කරදෙන ලද නැකත් ක්‍රමද ටක්කෙටම අනුගමනය කරමිනි.
පිරිස නිවසින් එළියට බසින විටම බුරාගෙන ඉදිරියට පැමිණි, එම නිවසේම ඇති දැඩි කරන සුරතල් සුනඛයා කීප විටක් නගුට වනා කණපට ගසමින් පිරිසට ආචාර සමාචාර දැක්වූයේ සුනඛ ගතිය ඔවුන් යන ගමනට බාධාවක් වෙතැයි නොදන්නාකම නිසාය.
එහෙත් සුනඛයාගේ ක්‍රියාවෙන් මුහුණ ඇඹුල්කරගත් මනාලියගේ පියා ආපසු නිවසට රිංගා ගත්තේ “මේ ගමන අදනම් කීයටවත් යන්න බැහැ. මේක අසුබයි” කියමිනි.
පියාගේ අදහස් වෙනස් කිරීමට පවුලේ සෙසු උදවිය කොතෙක් උත්සාහ කළ ද ඉන් පලක් නොවිණි. අවසානයේදී මනාලියගේ නිවසට දුරකතන ඇමතුමක් දී සිද්ධිය පහදා දෙන්නට මනාලයා කොතෙක් උත්සාහ කළ ද දුරකථනය අතට ගත් ගුරුමහතෙකු වූ මනාලියගේ පියා පවසා ඇත්තේ “ඔයවගේ හණමිටි අදහස් තියෙන මිනිස්සු මෙහේ ආයේ නාවාට කමක් නැහැ” යනුවෙනි.
(වියලුව වාර්තාකරු)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගෙදර බල්ලා නැකතට බුරා මඟුල කඩලා