IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෙදරට ඊ-මේල් ආවහම බෙල් ගහන්නේ කවුද?

ඊමේල් ආවාදැයි දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි පරිගණක පාඩමක යෙදී සිටි කාන්තාවක් උපදේශකවරයාගෙන් ප‍්‍රශ්න කළාය. ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ කාර්යාලයක නිලධාරි පිරිසක් වෙනුවෙන් පසුගිය දිනක පරිගණක පාඨමාලාවක් පැවැත්විණි. එක්දිනක මෙම පාඨමාලාවට නිලධරයෝ පිරිසක් සහභාගි වූහ. ඒ අතර වැඩිදෙනා අද හෙට විශ‍්‍රාම යන වයසේ පසුවූවන්ය. ඔවුන් මෙයට සහභාගි වූයේ ප‍්‍රධානියාගේ බලකිරීම නිසා මිස කැමැත්ත ඇතිවද නොවේ. උපදේශක පාඩම ආරම්භ කරමින් පරිගණකයෙන් ගතහැකි ප‍්‍රයෝජන පිළිබඳව එකින් එක කරුණු පැහැදිලි කරන්නට විය. අන්තර්ජාලය ගැන කරුණු කියාදුන් උපදේශක විද්‍යුත් තැපෑල පිළිබඳව දැනුම්වත් කළේය. නිදිබරව සිටි නිලධාරිනියක් එක්වරම හඬ අවදි කරමින් සර්, ඊමේල් ආවම අපිට ඒ බව දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි විමසුවාය. මේ ප‍්‍රශ්නයත් සමග උපදේශක අන්ද මන්ද වූයේය. තැපෑලෙන් එන ලියුම් බෙදාහරින ආකාරයේ හා විද්‍යුත් තැපෑලේ වෙනස පිළිබඳව කරුණු පැහැදිලි කර දීමට උපදේශකට සෑහෙන වේලාවක් ගත විය.



අදහස් (0)

ගෙදරට ඊ-මේල් ආවහම බෙල් ගහන්නේ කවුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site