(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
බිරිඳගේ මවුපියන් නිදන කාමරයට රාත්‍රි කාලයේ නාගයෙකු පැමිණීම නිසා නැන්දම්මා තම බෑණාට කතාකර කියා ඇත්තේ ඉක්මනින් මෝල් ගස රැගෙන නාගයා මරා දමන ලෙසය. රාත්‍රි කාලයේ දී සුළු කරුණකට පවා තමන් අවදි කිරීම පිළිබඳව ඔවුන් සමඟ කෝපයෙන් සිටි බෑණා නාගයා වෙනුවට ලන්තෑරුමට පහරදීමේ සිද්ධියක් කලකට ඉහත දී දේවහුව ජනපදයෙන් වාර්තා වේ.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති බෑණා කෑගල්ල ප්‍රදේශයේ සිට රාජකාරී සඳහා මෙම ප්‍රදේශයට පැමිණ ඇත. ඔහු නැවතී සිටි ස්ථානය අසල පිහිටි වෙළෙඳසලකින් තමාට අවශ්‍ය බඩු මුට්ටු ගැනීමට පුරුදු වී සිටි අතර, ටික දිනකදී වෙළඳසලේ හිමිකරුගේ හිත දිනාගෙන ඔහුගේ දියණිය ද විවාහ කරගෙන එම නිවසේම පදිංචි වූයේය.
බිරිඳගේ මවුපියෝ තම දරුවන්ටත් වඩා බෑණාට ආදරය කළ අතර බෑණාත් තම මාමණ්ඩියගේ සහ නැන්දම්මාගේ හිත දිනාගෙන සිටියේය. සුළු දෙයකට පවා බෑණාට කතාකිරීමට මොවුහු පුරුදුව සිටියහ. රාත්‍රි කාලයේ කුමක් හෝ පොඩි ශබ්දයක් ඇසුණත් බෑණා අවදිකර ඒ ගැන සොයා බලන ලෙස ඔවුහු කියති.
තමාට නිතරම කරදර කිරීම ගැන අමනාපයෙන් සිටි බෑණා මෙයින් ගැලවීමට මගක් කල්පනා කළේය. එක් දිනක් වර්ෂාව පැවති රාත්‍රියක මාමණ්ඩිය හා නැන්දම්මා සිටි කාමරයට නාගයකු පැමිණ ලන්තෑරුම අසල සිට ඇත. එදත් බෑණාට කථාකළ නැන්දම්මා ලන්තෑරුම අසල නාගයෙකු සිටින බවත් කඩිනමින් මෝල් ගස රැගෙන නාගයාට පහරදෙන ලෙස කීවාය. මෙයින් ප්‍රයෝජන ගත් බෑණා මේ දෙදෙනාට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑයි සිතා මෝල් ගස රැගෙන නාගයා වෙනුවට ලන්තෑරුමට පහර දී ඇත.
මෙය දුටු මාමණ්ඩිය මහ හයියෙන් කියා ඇත්තේ ‘අනේ අපොයි මගේ ලන්තෑරුම. ආයෙනම් බෑණෝ උඹට නාගයන් මරන්න කියන්නේ නැහැ’ මාමණ්ඩිය බෑණාට හොඳටම දොස් පවරා නාගයා එළවා දමා ඇත.
මෙම සිදුවීමෙන් පසු නැන්දම්මා සහ මාමා කිසිදු දිනක රාත්‍රි කාලයේ ඔහු අවදි කිරීමට නොගියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගෙට රිංගූ නයා ලන්තෑරුමක් වෙලා නැන්දම්මාගෙන් පලිගැනිල්ලක්