(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක ජනාකීර්ණ වීථියකි. ප‍්‍රධාන මාර්ගයේ කහ ඉරෙන් හැර වෙනත් තැන්වලින් පාර පනින මගීන් ගැන පසුගියදා සෝදිසියෙන් සිටි පොලිස් නිලධාරියකු එසේ නුසුදුසු තැනකින් පාර හරහා දිවගිය කෙනකු ‘‘විසිල්’’ ගසා තමා ළඟට කැඳවීය.


පොලිස් නිලධාරියා ළඟට ආ මගියා දුටුවේ මේ තම ඥාති අයියා කෙනකු බවය. ‘‘ ආ අයියෙ මම දැක්කේ නෑ. දැං මෙහේ පොලිසියෙද වැඩ කරන්නේ.’’ කියා ඇසුවේ සුහද ලෙස සිනාසී ගෙනය.


‘‘ඔව් මල්ලි’’ කී පොලිස් නිලධාරියා ඔහුට පසෙකට වන්නට සංඥා කොට මාර්ගයේ වූ බාධක ද පරීක්ෂා කර බලා යළි ඔහු වෙතට ආවේ සාක්කුවෙන් කුඩා නෝට් පොතක්ද රැගෙනය. ‘‘මල්ලි නෑකම වෙනයි රාජකාරිය වෙනයි. පාරේ තහනම් තැනකින් පැන්නට දඩ කොළයක් ලියන්න වෙනවා’’. කීමෙන් මල්ලිට තරු පෙනිණි. කිසිදු හිනාවක් නැති පොලිස් අයියාගෙන් දඩ කොළය ගත් මල්ලි ඉවතට ගියේ තමන්ටම මොනවාදෝ කොඳුරමින්ලූ.