IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කුලියට ගත් නිවෙසට වැසිකිළි වළක් නෑ

(ගලහ - ඩබ්.ඒ. අසේල)
තලාතුඔය නගරයේ ඖෂධ වෙළෙඳ සලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු විසින් නගරයට ආසන්නයේ නිවෙසක් කුලියට ගෙන ඇත. මෙම නිවෙස විශ‍්‍රාමික ගුරු යුවළකට හිමි අතර ස්වාමි පුරුෂයා නොයෙක් සමාජ සේවාවල යෙදෙන පුද්ගලයෙකි.


අදාළ ව්‍යාපාරිකයාගෙන් කුලිය වශයෙන් රුපියල් එක් ලක්‍ෂ හතළිස් දහසක මුදලකට නීතිඥවරයකු ඉදිරිපිටදී ගිවිසුමකට අනුව මෙම නිවෙස කුලියට ලබාගෙන ඇත.


නිවසේ කිසිම අඩුපාඩුවක් නොමැති අතර නවීන පන්නයට සකසා තිබුණි. නිවසේ පදිංචියට ගොස් වැසිකිළිය පාවිච්චියට යාමේදී ව්‍යාපාරිකයාට තරු පෙනුණි. වැසිකිළියෙන් පිටවන අපද්‍රව්‍ය බැහැර කිරීමට වළක් සකස් කර නොමැති බැවින් එය පාවිච්චි කළ නොහැකි තත්ත්වයකට පත්වුණි.


මේ පිළිබඳ නිවෙස් හිමියාගෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ වළක් සැකසීමට නොහැකි වූ බවත් හදිසියේ තමාට වැසිකිළිවළක් ඉදිකළ නොහැකි බවය. නිවෙස ගැනීමට අතරමැදියකු වශයෙන් කටයුතු කළ පුද්ගලයාටද මෙම කරුණ වසන් කොට මෙම නිවෙස කුලියට ලබාදුන් නිසා අදාළ හිමිකරුට විරුද්ධව තලාතුඔය පොලිසියට පැමිණිලි කොට ඇත.



අදහස් (0)

කුලියට ගත් නිවෙසට වැසිකිළි වළක් නෑ

ඇසිලින් Wednesday, 10 December 2014 10:02 PM

ළඟ ෂෙඩ් එකකින් හිස් බැරල් කීපයක් ගත්තා නම් ඒවා පුරවල ගෙදරින් යන දවසට ගෙදර අයිතිකාරයාට තෑගි කරන්න තිබුණා (නි)

:       0       0

චාන්දනී කළුපෙරුම Tuesday, 09 December 2014 07:38 PM

නිවසේ හිමිකරු වැසිකිළි නොයන කෙනෙකු වෙන්නට ඕනෑ (නි)

:       0       0

සරත් Tuesday, 09 December 2014 11:11 PM

නවීන පන්නයම විතරක් බලන්න හොඳ නැහැ. දැන් අවශ්‍ය ලෙස වළක් සකස්කොට බිල ගෙහිමියාට දෙන්න. එයාට ගෙවන්නම වෙනවා. (නි)

:       0       0

සරත් පියසේන Monday, 15 December 2014 06:33 AM

පුංචි දෙයක් උනත් ලොකු කතාවක් කියන්න වෙනවා ,,නිවසක් ,නිවසක කොටසක් ,කුලියට ,බද්දට ,දීම පරණ සම්ප්‍රදායක් ,නමුත් ලංකවෙ,පළාත්පාලන ආයතන ටිකක් වගකීමක් ගන්න කටයුතු කළොත් තම ආයතනයට අදායමක් ,ජනතාවට සේවයක් ,කරන්න පුළුවං අද කුලිගේවල් වල 90/- ක ප්‍රමිතියක් නැහැ 1.ගෙවල් කීපයට එක විදුලි මීටර් එකයි 2.ජලමීටර් එකයි 3. ටොයිලට් එකයි 4.ගේට්ටු එකයි. මේ වගේ ජනතාව අසහන කාරී ක්‍රියාවක් සිදුකරනවා මේ ගැන හොයල බලන්න කිසිම ආයතනයක් නෙපළාත් පාලන ආයතනයට බදු ගෙවනවා. එක ගේ ඇතුලේ පවූල් 10 ක් විතර ඉන්නව මේ සම්බන්ධව පළාත් පාලන ආයතන යම් ක්‍රම වේදයක් හදන්න කාලය මේක ජනතාවට හොඳ සේවයක් සමග ප්‍රමිතිගත අදායමක් ගන්න කටයුතු කරන්න ..(බ)

:       0       0

ශිරෝ Wednesday, 10 December 2014 07:30 AM

ගුරු යුවලක් කිව්වා නේද? අනේ අපෝ මෙහෙමත් මිනිස්සු. වලක් හදාගෙන ගෙවල් කුලිය අඩු කරලා දෙන්න. වලක් කපන්න ඉඩ තියෙනවද දන්නේ නැ. (ර)

:       0       0

කටුගස්තොට Wednesday, 10 December 2014 02:07 AM

මෙම නිවසේ හිමිකරුවන්ට වැසිකිළි අනවශ්‍යද? නැත්නම් මේක අළුත්ම පන්නයේ නිවසක්ද? (නි)

:       0       0

අසිත Thursday, 11 December 2014 08:56 AM

ඔය වගේ කතාවක් ඇහුවමයි.(හේ)

:       0       0

යසංග Tuesday, 16 December 2014 02:31 AM

මම නම් ඔක්කොටම කලින්හොයලා බලන්නේ ඒක (නි)

:       0       0

සෙනෙවි Wednesday, 10 December 2014 05:06 PM

දැන් කෑම ගණන් නිසා වැසිකිලි යන්න දෙයක් නෑ.හුලං විතරයි පිට වෙන්නේ .(ම)

:       0       0

අනිල් Wednesday, 10 December 2014 10:05 AM

වැසිකිලි වල වෙනම රෙන්ට් කරන්න ඕනේ (දී)

:       0       0

පරා Wednesday, 10 December 2014 06:30 PM

අනිල් ..! වැසිකිලි වල වෙනම රෙන්ට් කරන්න ඕන ද ? (ස)

:       0       0

සෙලනිකස් Wednesday, 10 December 2014 05:38 AM

මේ නිවසට නගරසබා අනුමැතිය ලැබිලා නම් ඒ කොහොමද? (නි)

:       0       0

මොහමඩ් ඛාන් Friday, 12 December 2014 05:12 AM

ඇසිලින්, ඔයාගේ අදහස තමයි හරි (නි)

:       0       0

කුමාරි Wednesday, 10 December 2014 05:46 AM

මනුස්සකමක් ගෑවිලා වත් නැති නොමිනිස් මිනිහෙක් තමා ගෙවල් හිමියා. කුලී කරුට නීතියේ සාදාරනය ඉටු වේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28655 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18203 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11120 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 684 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site