IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


කෑම වේලක් කන්න පැය 2 ක් හෝටලයේ වාඩිවෙලා ඉන්න වෙලා

(මහනුවර ෂේන් සෙනෙවිරත්න)
මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයකට දිවා ආහාරය ලබා ගැනීම සඳහා ගිය දෙදෙනකුට ගෑස් සිලින්ඩරය රැගෙන එනතුරු පැය දෙකක් රැඳී සිටින්නැයි කීමේ අපූරු පුවතක් වාර්තා වේ.


ගෑස් හිඟය හේතුවෙන් මහනුවර නගරයේ ආපන ශාලා බොහොමයක් වසා තිබියදී ප්‍රධාන පෙළේ හෝටලයකට විදේශ රටක සිට මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයකු තම මිතුරකු සමග ගොඩවී ඇත්තේ දිවා ආහාරය ලබා ගැනීමටයි.


හෝටලයේ ආහාර විස්තර අඩංගු කාඩ්පත වේටර්වරයා විසින් ලබාදීමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය දිවා ආහාරය ඇණවුම් කර පැය භාගයක් පමණ හෝටලයේ අසුන් ගෙන සිටින අවස්ථාවේ වේටර්වරයා කඩිමුඩියේ පැමිණ ඔවුන්ට පවසා ඇත්තේ අනේ සමාවෙන්න සර් හෝටලයේ ගෑස් නැහැ යනුවෙනි.


එහිදී වැඩදුරටත් වේටර්වරයා පවසා ඇත්තේ එක් ගෑස් සිලින්ඩරයක් මාවනැල්ල ප්‍රදේශයේ තිබෙන බවට ආරංචියක් ලැබී ඇති බැවින් එය අරගෙන ඒම සඳහා වාහනයක් පිටත්ව ගිය බවය. එසේම පැය දෙකක් පමණ හෝටලයේ රැඳී සිටියහොත් ආහාර ඇනවුම ලබා දිය හැකි බවයි.


කෙසේ නමුත් එම දෙදෙනා වේටර්වරයාට කිසිවක් නොකියා හෝටලයෙන් පිටව ගොස් නගරයෙන් පිටත තිබූ කුඩා හෝටලයකින් දිවා ආහාරය ගත් බව දැනගන්නට තිබේ.



අදහස් (0)

කෑම වේලක් කන්න පැය 2 ක් හෝටලයේ වාඩිවෙලා ඉන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 54 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2179 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site