IMG-LOGO

කොත්තුවක් පවුල් 2ක්ම අවුලයි

(තලාතුඔය - ටී.එච්. සරත්)
කොත්තුවක් නිසා අසල්වැසි නිවෙස් දෙකක වූ ගුටි බැට හුවමාරුවට අපූරු පාඩමක් දීමට නිවෙස් දෙකේ ඇති කළ බල්ලන් දෙදෙනාට හැකිවීමේ අපූරු පුවතක් උඩරට ප්‍රදේශයෙන් වාර්තාවේ.


උඩරට රාජධානි සමයට අයත්වන පැරැණි ගම්මානයෙකි.  එකල ගොවි ගම්මානයක් ලෙස පැවැති හෙයින් කෘෂි කර්මාන්තය හා සැබැඳි නමක් මෙකී ගමට ලැබී තිබේ. වත්මනේ පවා මෙහි වෙසෙන බොහෝ දෙනා ගොවීහු වෙති. ක්‍රමයෙන් නාගරීකරණයට යොමුව ඇති මෙහි වෙනත් පෙදෙස්වලින් පැමිණ නිවෙස් තනා ගත්තෝ ද වෙති.


ඉකුත් දිනෙක එක් නිවෙසක රාත්‍රී ආහාරය වුණේ නගරයෙන් රැගෙන ආ කුකුල්මස් කොත්තුවකි. නිවෙසේ වෙසෙන නවීන පන්නය අගයන ගෘහණිය ගෙදර දොරේ වැඩ කටයුතුවලට වඩා රූපවාහිනී තිරය තම රූපලාවණ්‍ය වැඩිදියුණු කිරීමට  යොදා ගන්නා තැනැත්තියකි. එනිසාම ඉවුම් පිහුම්වලට දක්වන්නේ මැළිකමකි. කොත්තු කෑම එහි ප්‍රතිඵලයකි.


දිවා කාලයේ නගරයෙන් රැගෙන ආ කොත්තුව කුස්සියේ මේසයක් මත තැබූ ඇය සවස් කාලය රූපවාහිනී තිරය සමග ගත කලේ සුපුරුදු ලෙසටය. වැඩ නිමවී  නිවෙසට පැමිණි ඇයගේ සැමියා මුහුණ කට සෝදා ගෙන කල්තියාම රාත්‍රී භෝජනයට සූදානම් වන්නේ තම බිරිඳ මෙගා ටෙලියට වාඩිවූ විට යළිත් නොනැඟිටින බව හොඳින් දන්නා බැවිනි.


“පොඞ්ඩක් ඉන්න... මම කෑම ගේන්නම්... අද ඔයාට මම කොත්තු ගෙනාවා...”_ යනුවෙන් ඇය පැවසුවේ කුස්සිය දෙසට යන අතරතුරේදීය.


ඇය කුස්සියට ගොස් මඳ වේලාවක් ගත වුවද නොපැමිණි හෙයින් ඔහු ද කුස්සිය වෙත ගියේය. බිරිඳ ඒ මේ අත මොනවාදෝ සොයනු දුටු ඔහු  “කෝ... කෑම”_ කියා විමසා සිටියද පිළිතුරක් බිරිඳගෙන් නොලැබුණි. නැවතත් ඔහුගේ ප්‍රශ්න කිරීම හමුවේ නිහඬවීමට නොහැකිවූ ඇය මේසය මත තිබූ කොත්තුව බල්ලා රැගෙන ගොස් ඇතැයි හෙමිහිට මිමුණුවේය. කුසගින්න ඉහවහා ගොස් සිටි ඔහුට යකා නැඟේය. වටපිට පරීක්ෂාකර බැලීමේ දී යාබද නිවෙසේ බල්ලා කොත්තුව බිම දමා ගෙන කන අයුරු දක්නට ලැබුණි. ඒ සමගම බිරිඳ “මේ හොර බලු_ තඩියා නිසා අපට මොනවත් තියා ගන්න බෑ... බල්ලෝ හදන එවුන් කූඩූවල දමා ගන්න ඕනෑ යැයි”_ කියමින් බල්ලාට කොසු පහරක් එල්ල කළේය. මහ හඬින් කෑගැසූ බල්ලා යාබද වත්තට පැන ගත්තේය.


තම බල්ලාට පහර දුන්බව දැනගත් යාබද නිවෙසේ කාන්තාව ද මහ හඬින් කෑ මොර දෙමින් එළියට පැනගත්තේ “කවුද යකෝ බල්ලාට ගැහුවේ”_ කියා අසමිනි. 


“තොපේ බල්ලන්ට කන්න අපි කොත්තු ගේන්නේ නැහැ.  උන්ට කන්න දීපියව්.”_ හැමදාම මේ බලු_ කරදරේ”_  අනෙක් නිවෙසේ කාන්තාව සටනට අවතීර්ණ වූවාය.


සටන වේගයෙන් ඇවිලී ගියේය. මඳ වේලාවකින් නිවෙස් දෙකෙහි සැමියන් ද සටනට එක්විය. වාග් ප්‍රහාර දැඩිවී වැට පැන එකිනෙකා අනෙකාට පහරදීම දක්වා කොත්තුව දුරදිග ගියේය. ගුටි බැට හුවමාරුවෙන් පසු එක් පාර්ශ්වයක් 119 අමතා පහර දීමක් සිදුවන බවට පැමිණිලි කර තිබේ.


තලාතුඔය පොලිසියේ නිලධාරින් නිවෙසට ළඟා වී සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට යාමේදී නිවෙස් දෙකෙහි බල්ලන් දෙදෙනා එක් වී ඉතා සමගියෙන් කුකුල්මස් කොත්තුව කනවා දක්නට ලැබී තිබේ. අනතුරුව දෙපාර්ශවයම කැඳවු පොලිස් ස්ථානාධිපතිවරයා”_ බල්ලන්ට තේරෙන දේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ...”_ යනුවෙන් පවසා  119 ඇමතීමේදී මීට වඩා සැලකිළිමත්වන්නැයි අවවාද කර තිබේ.



අදහස් (0)

කොත්තුවක් පවුල් 2ක්ම අවුලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site