(වියලුව වාර්තාකරු)
අලුතින් ආරම්භ කළ වෙළෙඳසලේ පළමු ගනුදෙනුව සංකේතවත් කිරීම පිණිස විශේෂ ආරාධිතයාගෙන් ලැබූ මුදල මිට මොළවා කරගැට කඩන්නට ගිය වෙළෙඳසල් හිමියකුට ඇඟිල්ලක් ඇඹරී රෝහලේ ප්‍රතිකාර ලබන්නට සිදු වූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු පැරැණි සම්ප්‍රදායන්ට මෙන්ම නැකත් සාස්ත්‍රයට ද ගරු කරන පුද්ගලයෙකි.
හෙතෙම නගරයෙන් කඩයක් කුලියට ගත්තේ සිල්ලර බඩු වෙළඳසලක් ආරම්භ කිරීමටය. වෙළඳසල විවෘත කිරීමට නැකතක් සකස් කරගත් ඔහු එය විවෘත කිරීම සඳහා විශේෂ අමුත්තෙකුට ද ආරාධනා කළේය.
නියමිත දින වෙළෙඳසැල විවෘත කළ ඔහු ප්‍රථමයෙන්ම ආරාධිතයා සමගම ගනුදෙනුවක් සිදු කරනු ලැබුවේ වෙළෙඳසැල බෙහෙවින්ම සාර්ථක වේවායි හිතින් ප්‍රාර්ථනා කරමිනි.
ආරාධිතයා ද නව වෙළෙඳසලෙන් භාණ්ඩ කීපයක් මිලට ගෙන ලොකු මුදලක් ඔහු අත තැබුවේ ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දිනම සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමිනි.
සිනහවක් පාමින් තම මුල් ගනුදෙනුව සඳහා ලද මුදල අතට ගත් හෙතෙම එය අතේ මිට මොළවාගෙන හැකි පමණ වෙර දමා එම අතේ ඇඟිලි සියල්ලේම කරගැට එකවර කැඩෙන ලෙස අනෙත් අතින් තද කළේ වෙළෙඳාමේ යෙදෙන බොහෝ වෙළෙඳුන් සිය පළමු ගනුදෙනුව එසේ සංකේතවත් කරන බව ඔහු දැක තිබූ නිසාය.
එහෙත් හරි හැටි එය කරගත නොහැකිව අතේ ඇඟිලි ඇඹරී යාමෙන් දැඩි වේදනාවට පත් හෙතෙම මර හඬ තලන්නට පටන් ගත්තේ ඔහු ආරම්භ කළ වෙළෙඳාම ද අමතක කර දමමිනි.
සුලු වේලාවක් ගතවෙද්දී ඇඟිලි කීපයක් ඉදිමී තඩිස්සි වන්නට පටන් ගත් අතර අවසානයේ දී වෙළෙඳසැල හිතවතෙකුට බාරකළ හෙතෙම අඟිලි ටික අනිත් අතින් අල්ලාගෙන නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොඩවූයේ වැඬේ පත්තුවන්නට පෙර බෙහෙතක් කර ගැනීමේ අදහසිනි.
එහෙත් ආරාධිතයා විසින්ම ඒ වන විටත් සිද්ධියට ඉහළ ප්‍රතිචාරයක් ලබා දී තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කඬේ සරුවෙන්නට ඇඟිලි කඩා මුදලාලි ඉස්පිරිතාලෙ