(මොරගාල්ලාගම සිසිර කැලේගම)
වෙළෙඳ ආයතනයක සේවකයන් නොමග යවා තමා සමග පැමිණි මිතුරා ද අතරමං කොට ඔහු සතු රුපියල් දස දහසක මුදලක් ද රැගෙන පලා ගිය හීන්නූල් සූත්තරකාරයකු පිළිබඳව පුවතක් කුරුණෑගල අවට ප්‍රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය අනාවරණය වන ආකාරයට මෙසේය. සතියේ දිනක පස්වරු තුනට පමණ කාර්යාල වේලාව තුළදී පිටස්තර දෙදෙනෙක් වෙළෙඳ ආයතනය වෙත පැමිණියහ. එක් අයෙක් ගේට්ටුව අසල නැවතුණේය. අනෙකා කාර්යාලය ඇතුළට ගියේය.
ටික වේලාවකට පසුව ඔහු සේවකයින් කැටුව ආයතනයේ පිටුපස ගොඩ ගසා තිබූ පරණ ටයර් ගොඩක් දෙසට ගියේය.
ටයර් ගොඩ සේවකයන් පරික්ෂා කරන අතරවාරයේ සූත්තරකාරයා දිව ගොස් ගේට්ටුව අසල සිටි මිතුරාට යමක් පවසයි. ඒ අතරේ මිතුරා ආයතනයෙන් පිටතට යයි.
ටික වේලාවකට පසුව පිටතට ගිය මිතුරා කොහු ලණු ගොඩක් රැගෙන ආයතනයට එයි. ඒ අතරේ ඔහු එහි කැඳවාගෙන ආ සූත්තරකාරයා අතුරුදහන් වෙලාය.
සිද්ධිය ගැන මිතුරා කරුණු විස්තර කළේ මෙලෙසය.
පරණ ටයර් සොයා ගලේවෙලට යන ගමනේදි මැල්සිරිපුර ප්‍රදේශයේදි මෙම තැනැත්තා පළමුවරට හමු වූ බවත්, ඔහුට අඩු මුදලට මෙතැනින් ටයර් ලාබෙට ගෙන දිය හැකි බව පැවසූ නිසා ඒවා ගැනීමට දෙදෙනා මෙහි පැමිණි බවත් කීවේය.
පරණ ටයර් ගොඩ කට්ටිය එක්ව පරික්ෂා කරන විට වැඬේ හරි යන බවට ගේට්ටුව අසල බලා සිටි තමා විශ්වාස කළ බව ඔහු කීවේය.
ඒ අනුව වැඬේ හරි කියා ඔහු ගේට්ටුව ළඟට ඇවිත් මා සතුව තිබූ රුපියල් දස දහසක් ඉල්ලා ගත්තා. ටයර් ගැට ගසන්න ලණු ඕනෑ කී නිසා ලණු ගෙනෙන්න අසල කඩයකට ගොස් එන අතරේ ඔහු එම මුදලත් අරන් පළා ගිහිල්ලා.
මහමඟ ගමන් ගත් බසයක් නවතා සූත්තරකරු නැගී ගිය බවද සේවකයෝ කීහ.
ආයතනයට ඇතුළු වූ සූත්තරකාරයා සේවකයින්ට පවසා ඇත්තේ තමා ගෙනා ගිනි කුකුළකු ආයතනයේ ගේට්ටුව ඉදිරිපිටදී අතින් ගිලිහී පරණ ටයර් ගොඩ දෙසට පියාඹා ගිය බවත්, ඒ අනුව ටයර් ගොඩ පරික්ෂාවට ගියේ ගිනි කුකුළා සෙවීමට මිස ටයර් විකිණීමේ ජාවාරමකට නොවන බවත් සේවකයෝ කීහ.
සේවකයන් නොමඟ යවා පැමිණි මිතුරාද රවටා සූත්තරකාරයා ප්‍රසිද්ධියේ පළා ගොස් ඇතැයි සේවකයන් පවසද්දී අතරමං වූ මිතුරාද ඔහුගේ උප්පර වැට්ටියට අසුවුනා යැයි කියමින් නික්ම ගියේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කාට කාටත් අන්දකයිප්පු කැවූ ‘ගිනි කුකුළු සෙල්ලම’