පොහොය දිනය නිමිත්තෙන් අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වූයේ කාර්යාලයීය දිනකදීය. “අයිස්ක්‍රීම් දන්සල පස්වරු තුනේ සිට මෙම ස්ථානයේදී පැවැත්වේ.” යනුවෙන් බැනරයක සඳහන් විය. සවස තුන වන විට දිගු පෝලිමක් දක්නට ලැබිණි. අවට නිවැසියන් පමණක් නොව වෙනත් ආයතන වල සේවක මහත්ම මහත්මීහුද ප්‍රීතියෙන් පෝලිමේ පැමිණ අයිස්ක්‍රීම් ලබා ගත්හ.
යාබද ගොඩනැගිල්ලද පළමු ආයතනය වැනිම පාරිභෝගිකයන් හා කටයුතු කරන ආයතනයකි. ආයතන දෙකම තරගකාරී ලෙස පාරිභෝගිකයින් සමග ගනුදෙනු කළත් දන්සල් පෝලිමේ යාබද ආයතනයේ නිලධාරීන්ද දැකගත හැකිවිය. දන්සලට සම්බන්ධ ආයතනයේ ආරක්ෂක නිලධාරීහු යාබද ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරීන් අමතා, “අපි අයිස්ක්‍රීම් දන්සලක් දෙනවා. උඹලගෙන් ඇල්වතුරවත් නැහැ” යි. කීය.
අයිස්ක්‍රීම් අනුභව කළ සැවොම අත් සෝදා ගැනීමට භාවිතා කළ ජල කරාමය, යාබද ගොඩනැගිල්ලට අයත් වූවකි. එහි ආරක්ෂක නිලධාරියෙක් කාඞ්බෝඞ් කැබැල්ලක් ගෙන ඇල්වතුර දන්සල යැයි ලියා කරාමය අසල සවි කළේය. මෙය දුටු එම ආයතනයේ උසස් නිලධාරියෙක් එය කළමනාකාරීත්වය දැන්වීය. ආයතනය හෑල්ලුවට ලක් කළා යැයි ආරක්ෂක නිලධාරියාව ඉවත් කෙරිණි.
ඇත්ත කියලා යන්න වුණාට දුක නැහැ. ලබන පාරවත් එයාලා දන්සලක් දෙයි. එදාට මාව මතක් කරපල්ලා. ආරක්ෂක නිලධාරියා හිතවතුන්ගෙන් සමු ගනිමින් පැවසීය.
ක්‍රිස්ටෝපර් සීපියන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නම් ඔය අස් කරයි කියන නිලදාරියව අනෙක් ආයතනයෙන් වැඩට ගන්න ඕනේ (හේ)
පහත් තැනින් ගලයි ජලේ (බ)