(මැදිරිගිරිය චාපා මධූභාෂිධෑ)
පෙර පාසලට ගිය පළමුදාම පෙර පාසල් ගමන නතර කර දරුවා ගෙදර නවතා ගැනීමේ අපූරු පුවතක් මැදිරිගිරියට ආසන්න ගමකින් වාර්තාවේ. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. පවුලේ එකම දරුවාය. ඒ නිසාම ඔහුට පවුලේ සහ අවට හැමෝම දැඩි ලෙස ආදරය දැක්වූහ. කාගේත් හුරතලයට හැදුණු දරුවා තරමක් කෙළිලොල්ය.
කතාවට පමණක් නොව වැඩකටයුතුවල දී කාගේත් සිත් ඇද ගත් ඔහු සිඟිති විය පසුකරද්දී මූලික අධ්‍යාපනය ලබාදීමට ළඟම ඇති පෙර පාසලකට යොමු කිරීමට මවුපියෝ කටයුතු කළහ. පෙර පාසල පටන්ගන්නා දිනය පැමිණියේය. දරුවා මව සහ පිය සමග ලස්සනට හැඳ පැළඳගෙන පෙරපාසලට ගියේය. පෙර පාසලේ දමා යද්දී සෙස්සන් හඬා වැටුණත් සිඟිති හැඬුවේ නැත. “අම්මා මා එක්කරගෙන යන්න එන්න” යැයි කියා මව සහ පියා නිවෙසට පිටත් කර යැවූ සිඟිත්තා දහවල් 10ට පමණ පෙනෙන්නට නොසිටියේය. හැමතැනම ඔහු සෙවූවත් පෙනෙන්නට නොසිටියේය. දැඩි කලබලයට පත්වූ අසල්වාසීහු ද සිඟිත්තා සෙවීමට එකතු වූහ. එහෙත් ඔහු පෙනෙන්නට නොසිටියේය. මේ අතර පෙරපාසල ආසන්නයේ ඇති නිවෙසකට පිට පළාතක පිරිසක් මෝටර් රථයකින් පැමිණ සිටියහ.
එහි එක් පුද්ගලයකු කිසියම් කටයුත්තකට මෝටර් රථයට ගොඩවිය. ඒ සමග පිටුපස ආසනයේ වාඩිවී සිටි කුඩා දරුවකු හරි “මාමි දැන් යමු” යැයි කීවේය. ඔහු දැඩි කලබලයට පත්විය. නිවැසියන්ට සිද්ධිය සැල කළේය. අසල පෙර පාසලෙන් අතුරුදන් වූ දරුවා මොහු බව අවබෝධ කරගෙන ඔහු පෙරපාසලේ පාලිකාවට බාර දුන් අතර දරුවාගේ පෙරපාසල් ගමන ද පළමු දිනයෙන්ම අහවර විය. පෙර පාසලේ සිටින අතරතුර දරුවා ඒ අසල නිවෙසක නවතා තිබූ මෝටර් රථයට ආසාවට ගොඩවීමෙන් මෙම අකරතැබ්බය සිදුවිය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආසාවට මෝටර් රියට ගොඩවී පෙර පාසල් ගමනත් හබක්