(කඹුරුපිටිය විශේෂ කේ. අජිත්)
රූපවාහිනියේ සිටින අයට එය නරඹන අය පෙනෙනවා යැයි සිතා ලජ්ජාවට පත් වී එය නිවා දමා නින්දට ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගියදා මොරවක්කෝරළයේ බටහිර ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවිය. එම සිද්ධිය මෙසේය.
ග්‍රාමීය පෙදෙසක ගොවිතැන් කටයුතු කරමින් ජීවත්වූ ඔහුට කිසිදු සමාජ ඇසුරක් නොවීය. මවුපියන්ගේ අකල් වියෝව නිසා තනිවම ජීවත්වූ ඔහු ඉතා ලජ්ජාශීලි පුද්ගලයෙකි. විදුලිබලය නොතිබූ තම නිවසට මෑත දී විදුලිබලය ලැබීමත් සමග ඔහු රූප පෙට්ටියක් රැගෙන ආවේ හුදකලා බව මග හරවා ගැනීමටය. ගොවිතැන් කටයුතු නිමකර නිවසට පැමිණෙන ඔහු එහි පෙන්වන සියලු දේ නරඹන්නේය. එහි පෙන්වන රූප, සිංදු, කතා ඔහුට අලුත් අත්දැකීමකි. ඔහු සමහරවිට ඒවා නැරඹුවේ තනියම සිනා සි සී හා අත්පොඩි ගසමිනි.
දිනක් ඔහුගේ මිතුරෙකු ඔහුට පවසා සිටියේ අද රෑට හොඳ සංගීතයක් තියෙනවා. තනිකම යන්නත් එක්ක එය නරඹන ලෙසයි. එදින ඔහු කල් ඇතිවම ගොවිතැන් කටයුතු නිමකර, හරකුන්ද ගාල් කර ලක ලෑස්ති වී රූපපෙට්ටිය ඉදිරිපිට තිබූ පුටුවක ඉඳ ගත්තේ සංගීතය බැලීමටය. නියමිත වේලාවට එය ආරම්භ කරමින් නිවේදක මහතා ‘‘ඔව් මට දැන් පෙනෙන්නේ ඔබ මේ සංගීත සංදර්ශනය නැරඹීමට වේලාසන සිටම සුදානම් වී ඔබගේ ආලින්දයේ ඇති රූපවාහිනිය ඉදිරිපිට සිනාමුසු මුහුණින් යුතුව වාඩිවී සිටින ආකාරයයි.’’
මේ වදන් පවසන්නේ තමාටම යැයි ඔහු පුදුමයටත්, ලැජ්ජාවටත් පත්වී රූප පෙට්ටිය නිවා දමා නිදාගන්නට ගියේ මා ඉන්න ආකාරය මේ නිවේදකයා දුටුවේ කොහොමදැයි කුතුහලයෙනි.
පසුදින ගමේ තරුණයකුගෙන් ඔහු විමසා සිටියේ රූප පෙට්ටියේ සිටින අයට අපි පේනවාද කියලයි. තරුණයාගේ පිළිතුර නැත. කීමත් සමග ඔහු තර්ක කළේ එහෙනම් මා ඉන්න ආකාරය නිවේදකයා දැක්කේ කොහොමදැයි කියාය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අඟ පසඟ රටටම පෙනෙතැයි රූප පෙට්ටිය වහලා