
නව කොරෝනා වයිරස එන්නත බෙදාහැරීම ලබන සතියේදී ආරම්භ කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්තූතිවන්ත වීමේ දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා එරට ආරක්ෂක අංශ ඇමතීම එරට සම්ප්රදාය යි. එලෙස ආරක්ෂක අංශවල සාමාජිකයන් ඇමතීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එම කරුණු සඳහන් කළේය.
ලබන සතියේදී සහ ඊට පසු සතියේදී නව කොරෝනා වයිරස එන්නත බෙදාහැරීම ආරම්භ කරන බව ජනාධිපති ට්‍රම්ප් එහිදි කීවේය.
ජනාධිපති ට්‍රම්ප් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇමතුවේ විඩියෝ තාක්ෂණය හරහා ය.
සෞඛ්‍ය සේවකයන් ඇතුළු මුල් පෙළේ සිටින සේවකයන්, වෛද්‍ය කාර්යමණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මුලින්ම එන්නත ලබාදෙන බව ද ජනාධිපති ට්‍රම්ප් එහිදි කීය.

- රොයිටර් අනුග්රහයෙනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd