IMG-LOGO

ෆයිසර් එන්නතේ මුල් මාත්‍රාව ලබාගත් හෙද නිලධාරියෙකු‍ට කොරෝනා

 

කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමෙන් දින අටකට පසු ඇමරිකාවේ කැලිෆෝනියාවේ හෙද නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මැතිව් ඩබ්ලියු නම් 45 හැවිරිදි මෙම හෙද නිලධාරියා දෙසැම්බර් 18 වන දින ෆයිසර් එන්නත ලබාගෙන තිබේ.

සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් පෙන්වීම හේතුවෙන් කොරෝනා සඳහා පරීක්ෂා කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වැළඳී ඇති බවයි.

සැන් ඩියාගෝ හි බෝවන රෝග විශේෂඥ ක්‍රිස්ටියන් රමර්ස් පවසන්නේ මෙවැනි තත්ත්වයන් අපේක්ෂා කළයුතු බවයි.
"එන්නතෙහි ආරක්ෂාව ඇති වීමට දින 10 සිට 14 දක්වා කාලයක් ගතවනවා. පළමු මාත්‍රාවෙන් ලැබෙන්නේ 50%ක ආරක්ෂාවක්. දෙවන මාත්‍රාවෙන් එය 95% දක්වා වැඩි කරනවා." යැයි ඔහු පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිනි)

085



අදහස් (4)

ෆයිසර් එන්නතේ මුල් මාත්‍රාව ලබාගත් හෙද නිලධාරියෙකු‍ට කොරෝනා

banda Wednesday, 30 December 2020 03:36 PM

මේක සාමාන්‍ය දෙයක්..

:       0       0

chandima Wednesday, 30 December 2020 09:03 PM

අර ධම්මික පැණිය බීලත් එක්කෙනෙකුට කොරෝනා හැදුණා කියලා... උපදින අයටයි, නාලිකා කාරයින්ටයි.... මෙකටත් සංදර්ශන පවත්වන්න කිව්වා නම් නරකද?

:       5       1

vikum Thursday, 31 December 2020 04:29 AM

ඇමරිකාවෙ නිසා අපෙ අයියලා නිහඩව ඉන්නවා, ලංකාවේ දේශිය මොකක්හරි හදලා මෙහෙම උනා නම් තිබුණා බලන්ඩ බුකියේ පොරවල් වෛද්‍යනිළධාරින්ගේ සංගමය මාධ්‍ය සාකච්චා තියලා පිස්සු වැටෙන හැටි බලන්න. නුඹලාට හැමදාම අනුන්ගේ දේ තමයි වටින්නේ...

:       8       7

jayaThursday, 31 December 2020 09:50 AM

මිලියනයට ගහලා එක්කෙනෙකුට හැදෙන එකයි දාහකට දීලා එක්කෙනෙකුට හැදෙන එකයි අතර වෙනස තේරෙන්න අපේ රටෙ ගණන් පාස් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site