IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සුළු සේවක වර්ජනය වැඩ ආවරණයට හමුදාවෙන් 185 ක්

(ඉන්දිකා රාමනායක)

රෝහල් කිහිපයක කණිෂ්ඨ සේවක කර්ය මණ්ඩල දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන්  ජනතාවට සිදුවන අපහසුතාවන් වලක්වා ගැනීම සදහා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනකු සමග 185 ක භට කණ්ඩායමක් යොදවා ඇති බව යුද හමුදාව පවසයි.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත, මෙම පිරිස යොදවා ඇති බවත්, කොළඹ, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රිකවල පිහිටි  රෝහල් වල 14 ක  වැඩවර්ජනයෙන් මහජනයාට අපහසුතාවක් නොවන අයුරින් මොවුන් වැඩ ආවරණය කරන බවද හමුදාව සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, අක්ෂි රෝහල, තලංගම රෝහල, අවිස්සාවේල්ල දිසා රෝහල, හෝමාගම දිසා රෝහල, පුත්තලම මුලික රෝහල, මාරවිල දිසා රෝහල, හලාවත දිසා රෝහල, කුරුණෑගල මුලික රෝහල, පොල්පිතිගම දිසා රෝහල, ගල්ගමුව දිසා රෝහල,  දඹදෙණිය දිසා රෝහල, නිකවැරටිය දිසා රෝහල යන රෝහල් වෙත මෙම හමුදා භට කණ්ඩායම් යොදවා ඇති බවද හමුදාව සඳහන් කරයි.

14 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස්. සෙනරත් යාපා අධීක්ෂණය යටතේ, 14 පාබල සේනාංක මුලස්ථානය යටතේ ඇති ඒකකවලට අයත් නිලධාරීන් දෙදෙනකු සමග භටයන් 185 දෙනකු මෙලෙස රාජකාරි සදහා අණුයුත්ක කර ඇත.

කොළඹ ජාතික රෝහලේදී හමුදා සාමාජියන් රෝගී කාන්තාවක් රෝද පුටුවකින් තබා  වාට්ටුවක් වෙත රැගෙන යන අයුරු ඡායාරූපයෙන්  දැක්වේ. යුද හමුදා මාධ්‍ය ඒකකයෙනි.



අදහස් (7)

සුළු සේවක වර්ජනය වැඩ ආවරණයට හමුදාවෙන් 185 ක්

raveendra Wednesday, 24 February 2021 03:03 PM

අපේ ලොකු සර් ශවේන්ද්‍ර සර්ට කියලා වැඩේ ගොඩදායි. හැබැයි ඔක්කෝටම වැඩිය හොඳයි ඉස්පිරිතාලවල්වල යුද්ධයක් හදලා බාර දුන්නා නම්... මොකද සර්ම කිව්වනේ යුද්ධයක් තිබ්බොත් ගේමක්ම නෑ කියලා. රෙස්පෙක්‍ට් සර්..

:       15       15

ArunWednesday, 24 February 2021 04:10 PM

තමුන්ගේ අම්මා හරි, තාත්තා හරි අසනීපයකට බෙහෙත් ගන්න ගිහිල්ලා මෙහෙම වැඩ වර්ජනයකට අහු වුණාම තමුන්ට තේරෙයි ඒකෙ තියෙන වේදනාව. හැම මගුලකටම හමුදාවට රජයට බනින්නේ නැතුව අඩු ගානේ හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න. දෙමවුපියන්, ගුරුවරු පොඩි කාලේ උගන්නලා නැද්ද එව්වා. මමත් මේ රජයට විරුද්ධව ඡන්දෙ දීපු කෙනෙක්... හැබැයි ප්‍රායෝගිකව මේ වගේ දේකට අහු වුණාම දැනෙන දුක, කලකිරීම මටත් හොඳට දැනිලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සු අපි. අපි ලබා ගන්න යන දේ කාගෙන් හරි පැහැදිලිව ලැබෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ කරපු දේ නම් මන් ඉතා ඉහළින් අගය කරනවා. අනික ඇත්තම කතාව බැලුවොත් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට වඩා පිලිවෙලක් වැඩක් වැඩක් විදියට කරන්න පුළුවන් හැකියාවක් හමුදාවට තියෙනවා. අපි බදු ගෙවන්නේ රජයකින් අපිට ඕන සේවාව ලබාගන්න. ජීවිත උගසට අරගෙන වැඩ කරන වගකීමක් නැති මිනිස්සුන්ට වඩා මේ මිනිස්සු දාහෙන් සම්පතක්. තමුන් අවංකව සේවය කරනවා නම් රටත් උසස්, ඒ රටේ මිනිස්සුත් උසස් වෙනවා.

:       0       0

chandimaWednesday, 24 February 2021 09:26 PM

රවීන්ද්‍රට කොරෝනාවත් හැදිලා හොඳ වෙලාද?

:       0       0

ruwanThursday, 25 February 2021 04:01 AM

ජනතාවට සෘජුව බලපාන සෞඛ්‍ය සේවය, ප්‍රවාහනය ආදී සේවාවන් වල නියුතු අය වැඩවර්ජනවල නිරත වූ වහාම ක්‍රියාත්මක වී මහජනතාවට සේවා සැපයීමට හමුදා සාමාජිකයින් පුහුණු කොට තබාගැනීම කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුයි. හැමදේටම වඩා වර්ජනය කරන අය පුනරුත්ථාපනය කොට නායකත්ව පුහුණුව ලබාදිය යුතුයි.

:       0       0

Siri Wednesday, 24 February 2021 06:20 PM

මේ වර්ජනයට හේතුව කුමක්ද?

:       0       0

nihal Wednesday, 24 February 2021 07:24 PM

රවීන්ද්‍ර සමග මම එකඟයි. මහජනයා වඩාත්ම පීඩාවට පත්කරන රෝහල්, දුම්රිය සහ බස් සඳහා යුද හමුදා කණ්ඩායම් පුහුණුකර සූදානමින් තැබිය යුතුය. එවිට මේ අයගේ වැඩ වර්ජනය බල්ලා මාර්ක් වනු ඇත.

:       0       0

banda Wednesday, 24 February 2021 10:08 PM

නියමයි, තවත් වැඩ වර්ජන නොකරන්න මේක හොඳ දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 534 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site