(සිරිනිහාල් ගමගේ)
වදුරඹ කොකාවල ප්‍රදේශයේ 39 වියැති කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඇයගේ දරුවා යන පෙර පාසලේ දරුවන් 35ක්, එම පවුල්වල අයවලුන් හා ගුරුවරියන් නිරෝධානයට ලක් කර බවත් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම කාන්තාවගේ පෙර පාසල් යන දරුවාගේ උපන්දිනයක් ඉකුත් දින පැවති අතර එවිට පෙර පාසලේ කේක් කපා ඒවා සැවොම අනුභව කර ඇත. එබැවින් හා මෙම දරුවා සමග අනෙකුත් දරුවන් සමීපව ඇසුරු කිරීම නිසා ඔවුන් නිරෝධනයට යොමු කර තිබේ. ආසාදිත කාන්තාවගේ දරුවා ප්‍රථමයෙන් පී සී ආර් පරීක්ෂණ සදහා යොමුකොට ඉන් ලැබෙන වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරණ බැව් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පි.නවරත්න මහතා පැවසීය.
කොරෝනා ආසාධිත කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරණ අයකු බවත් එනමුදු ඔහු මාසයක කාලයක් නිවාඩු ලබා නිවසට පැමිණ නැති බවත් සෞඛ්‍ය නිලධාරීහු පවසති.
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පි. නවරත්න මහතා ප්‍රමුඛ නිලධාරීහු මෙම රාජකාරින් ඉටු කරමින් සිටිති.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
වදුරඹ පෙරපාසල් ළමුන් 35ක් නිරෝධායනයේ