IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජාංගණයේ 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා

 

(මලීෂා ගුණවර්ධන)

රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පවසයි.

ඒ අනුව  වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 2689 දක්වා ඉහළ යනු ඇත.

රාජාංගණය ප්‍රදේශයේ පුද්ගලයින් 139 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ අතර එයින් මෙම 12 හැවිරිදි දරුවා පමණක් ආසාදිතයකු ලෙස අද (17) හඳුනා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

රාජාංගණය ප්‍රදේශයේ දානමය පිංකමට සහභාගී වූ පිරිස් අළලා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයක දී  මෙම දරුවා ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ.

අද හඳුනාගත් දෙවන ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණි අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

වයිරසය ආසාදනය වී පුද්ගලයින් 666 දෙදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර 2012 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.



අදහස් (0)

රාජාංගණයේ 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site