IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මීරිගම විද්‍යා පීඨයේ ගුරු-සිසුවියන් 50 ‌කට කොවිඩ්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම හාපිටිගම් අධ්‍යාපන විද්‍යාපීඨයේ පාඨමාලා ආරම්භ කර ගත වූ ගත වූ සතිය තුළදී  ගුරු  සිසුවියන්  පනහකට ආසන්න පිරිසක් කොරෝනා ආසාදිත ව ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි විද්‍යාපීඨ ආරංචි මාර්ග අද (21) සවස හෙළි කළේය.

විද්‍යාපීඨයේ පාඨමාලා ඉකුත් 15 වැනි දා ආරම්භ කෙරුණු අතර  තෙදිනකට පෙර ගුරු සිසුවියන් දෙනෙකු  කොරෝනා ආසාදිත බව හෙළි වී ඇත.

අනතුරුව ඊයේ 20 සිදුකෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලදී ගුරු සිසුවියන් 38 දෙනෙකු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇති අතර අද දිනයේ ද තවත් 6 දෙනෙකු කොරෝනා  ආසාදිත බව අනාවරණය වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

අම්පාර ප්‍රදේශයේ සිට පැමිණි ගුරු සිසුවියකගෙන් වැඩි පිරිසකට රෝගය බෝවී ඇතැයි සැක කෙරෙන අතර තවත් අය රෝගී වූ ආකාරය අනාවරණය වී නැති බවද වාර්තා වේ. 

ගුරු සිසුවියන් සියයකට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති බව ද  ආසාදිත වූවෝ සීදුව අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි ද විද්‍යාපීඨ ආරංචි මාර්ග හෙළි කළේය. 

විද්‍යාපීඨය පුරා පැතිර යන්නේ ඔමික්‍රෝන්  ප්‍රභේදයේ දැයි සැක කරන බවද සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කලේය.

මේ සම්බන්ධව මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ ආසාදිත බව හෙළිවී ඇති ගුරු සිසුවියන් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවය. 

එමෙන්ම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකර ඇති බවත් රෝගී වූවන් ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත් ආශ්‍රිතයන්  නිරෝධායනයට ලක් කිරීමටත් පියවර ගෙන ඇති හෙයින් අනිසි බියක් ඇති  කරගත යුතු නැතැයිද ඒ මහතා සඳහන් කළේය.



අදහස් (8)

මීරිගම විද්‍යා පීඨයේ ගුරු-සිසුවියන් 50 ‌කට කොවිඩ්

Krishan Friday, 21 January 2022 11:34 PM

ඔය තත්වයම තමයි නිල්වලා විද්‍යාපිඨයෙත් 40කට වැඩි පිරිසක් අකුරැස්ස රෝහලට අද ඇතුල්කලා සමහරුන්ට සේලයින් පවා දිම ආරම්භ කලා

:       3       4

ජනක් Saturday, 22 January 2022 08:39 AM

නේවාසිකව ඉන්නේ මේ ළමයි, ඉතින් ඒ වගේ ඒවා ආරම්භ කරලා කරන්නේ බොරුවක්, ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න තිබුණා වැඩිහිටි අය නිසා... පව් මේ ළමයි..

:       1       3

Sharaz niwethika Saturday, 22 January 2022 10:50 AM

හාපිටිගම විද්‍යා පීඨයේ පමණක් නොවේ. මේ වනවිටත් සියලු විද්‍යා පීඨවල කොරෝනා වසංගත තත්වය පැතිරිලා. අභ්‍යන්තරය මගින් තොරතුරු පිටතට යාම වළක්වා ඇත. pcr පරීක්ෂණ සිදු කරන්නෙත් අමාරු කට්ටියට විතරයි. ඒ ඔක්කොම පොසිටිව් වෙනවා. ඔක්කෝටම එකටම කරන්නේ නැහැ. එහෙම කලොත් හුඟාක් පොසිටිව් කියලා වාර්තා පිටට යයි කියලා බයේ. දැන් මේ පිළිබඳව වගකීමක් ගන්න කවුරුත් නෑ. අඩුම වශයෙන් පීඨාධිපතිවරුන් වත් මේ පිළිබඳව වගකීමක් ගන්නේ නැහැ. මේ ළමයි බලෙන් ඇවිත් හොස්ටල් ගතවෙලා රෝගය හදා ගත්තා වගෙයි සලකන්නේ... මේ තරුණ ජීවිත මේ මොහොතේ දී අසරණයි. බලධාරීන්ගේ මෝඩ තීරණ වලට වග කියන්න වෙලා තියෙන්නේ මේ ළමයින්ට... කරුණාකරලා මේ පිළිබඳව බලධාරීන් හා සමාජය දැනුවත් කරන්න.

:       1       5

WineeSaturday, 22 January 2022 02:56 PM

විද්‍යා පීඨ පරිපාලකයින් ගැන නම් කතාකරලා වැඩක් නෑ. කබරහම් තියෙන හිපාටුවන්, මේ ළමයි ගැන පුළුවන් තරම් සමාජය දැනුවත් කරන්න ඕනෑ.

:       1       4

Sharaz niwethika Saturday, 22 January 2022 10:55 AM

මේ වනවිටත් සියලු විද්‍යා පීඨවල කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වෙලා තියෙන්නේ... වගකීමක් ගන්න කවුරුත් නෑ. තොරතුරු පිටට යන එකත් වළක්වලා තියෙන්නේ.

:       1       5

විහඟ සිල්වා Saturday, 22 January 2022 01:23 PM

අපි දැනුවත්ව බොහෝ විද්‍යාපීඨ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන විදියට ගත්තා. ඒ වුණාට ඒ වගේ හරියට විෂබීජ හරණයක්වත් වුනේ නෑ ආරංචි විදියට... කොටින්ම කොරෝනා ලෙඩ්ඩු පාවිච්චි කරපු මෙට්ට තමයි ළමයින්ටත් දුන්නේ... සමහර විද්‍යා පීඨවල නම් මෙට්ටේ උඩින් රෙක්සින් කවර දැම්මා. සමහර ඒවගේ ඒමත් නෑ. මේවා කරන්න තිබුණේ ඔක්කොම විෂබීජ හරණය කරලා ළමයි ඔක්කෝටම බූස්ටර් වැක්සීන් එක දීලා ඇතුළට ගන්න කලින් ළමයින්ටයි, ස්ටාෆ් එකටයි ඇන්ටිජන් එකක් කරලා ජෛව බුබුළක් විදියට පවත්වාගෙන යන්න තිබුණා. කෝමත් විද්‍යාපීඨවල ළමයින්ට ඉස්සර ඉඳන්ම එළියට යන්න තහනම් එකේ හොඳටම කරන්න තිබුණා. ඒත් මේ කරපු වැඩෙන් දැන් විද්‍යාපීඨවල කොරෝනා වසංගතයක් වගේ ව්‍යාප්ත වෙනවා. මේ තොරතුරු පිටට දෙන්න එපා කියලා පිටට දුන්නොත් විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ළමයින්ව බය කරලා තියෙන්නේ...

:       1       4

Sethul Saturday, 22 January 2022 03:41 PM

අපි දන්නවා ඕවායේ හැටි, පිස්සු වැඩකරන අය ඉන්නේ... මේ ගැන පුළුවන් තරම් ප්‍රචාරය කරලා මේ සිසුන්ට පිහිට වෙන්න ඕනෑ එහෙමවත්...

:       0       2

Sriland Saturday, 22 January 2022 05:11 PM

ඒ වුණාට ඔය කියන ළමයි 50 ම ඔතන ඉගෙන ගන්නවා කිසිම හෙණයක්වත් නැතිව. ඕකට කොරෝනා කියලා නම දාගෙන මුදල් ගැරුවට ඇත්තටම ළමයින්ට සෙම ටිකක් වැඩියි අනිත් ළමයින්ට වැඩිය..

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28964 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18210 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11311 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 698 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site