(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මදුරන්කුලිය කර්මාන්ත ශාලාවක් තාවකාලිකව අද(14) සවස වසා දැමු බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවිකාවන් 300දෙනෙකු අතරින් 74 දෙනෙකු ජෛව පටල සාම්පල පරීක්ෂාවක් කර තිබිණි. මේ වන විට ලැබී ඇති වාර්තා අනුව සේවිකාවන් 26 දෙනෙකු අද ආසාදිතයන් වී ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම තත්වය සැලකිල්ලට ගෙන මදුරන්කුලිය කර්මාන්ත ශාලා පාලනාධිකාරිත්වය, සෞඛ්‍ය අංශ හා මුන්දලම පොලිසිය සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව තාවකාලිකව කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කර ඇත.
මේ වන විට ආසාදිත සේවිකාවන් ආණමඩුව, මුන්දලම, උඩප්පුව, මහකුඹුක්කඩවල, පුත්තලම හා කල්පිටිය ප්‍රදේශවල පදිංචිකාරියන්ය.
මේ අනුව, සේවිකාවන් ආශ්‍රය කළ පවුල් 200 ක පුද්ගලයින් 500 කට අධික සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ආසාදිත සේවිකාවන් කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට ගිලන් රථ යොදවා තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මදුරන්කුලියේ කම්හලක් වසාදමයි