IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍යයත් අගුළු දමයි

ඉදිරියේ ඇති විය හැකි ව්‍යවසනකාරී තත්ත්වයකින් රට මුදාගැනීම සඳහා සති හතරක කාලයකට රට වසා දමන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (31) පස්වරුවේ නිවේදනය කළේය.
 
ජාතික සෞඛ්‍ය සේවය ‘‘වෛද්‍ය සහ සදාචාරය සම්බන්ධ ව්‍යවසනයකින්’’ ගොදුරු වීමෙන් වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව ද හෙතෙම පැවැසීය.
 
මෙවර නත්තල පෙර පැවැති නත්තල් සැමරුම්වලට වඩා වෙනස් වනු ඇති බවත් එහෙත්ම කලින් ක්‍රියාත්මක වෙමින් සහ පියවර ගැනීමෙන් පවුල්වල සාමාජිකයන්ට එක්රැස්වීමට අවස්ථාව උදාවනු ඇති බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීවේය.
 
නව ලොක්ඩවුන් සීමාවලට අනුව අවන්හල්, බීමහල්, කායවර්ධන මධ්‍යස්ථාන සහ අත්‍යවශ්‍ය නොවන සාප්පු යනාදී සියල්ල සති හතරක කාලයක් සඳහා වසා දැමිය යුතුය.
 
කෙසේ නමුත් නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල අවස්ථාවේදී මෙන් නොව මෙවර පාසල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල විවෘතව තැබිය හැකිය.
 
දෙසැම්බර් 2 වැනිදා මෙම ලොක්ඩවුන් සීමා ඉවත් කෙරෙන අතර ඉන් අනතුරුව ස්ථර ක්‍රමයට යන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීය. ස්ථර ක්‍රමය අනුව අවදානම සැලකිල්ලට ගනිමින් ලොක්ඩවුන් සීමා පැනවෙනු ඇත.
 
‘‘මේ අවුරුද්දේ නත්තල වෙනදට වඩා වෙනස් වේවි. ඇත්ත වශයෙන්ම එය වෙනස්. එහෙත් අපි දැන්ම පියවර ගන්න නිසා නත්තල වෙද්දි පවුල්වල සාමාජිකයන්ට, ඥාතීන්ට, හිත මිතුරන්ට එකට එකතු වෙන්න පුළුවන් වේවි. අපි දැන්ම දැඩි පියවර ගත්තොත් අපට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වේවි’’ යැයි ලන්ඩන් නුවර ඩව්නින් වීදියේ සිට මාධ්‍ය අමතමින් පැවැසීය.

‘‘මෙම ලොක්ඩවුන් සීමාවලින් ව්‍යාපාරවලට වෙන බලපෑම සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම මම කනගාටු වෙනවා. ඇත්තටම කනගාටු වෙනවා. සමාවෙන්න. එහෙත් සමාගම් හා ව්‍යාපාර යනාදියේ සේවකයන්ට වැටුප් ගෙවීමේ රජයේ සහන ක්‍රමය නොවැම්බර් මාසය දක්වා දීර්ඝ කරනවා. අපි වැටුපෙන් සියයට 80ක් ගෙවනවා’’ යැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීය.

‘‘වගකීමක් තිබෙන අග්‍රාමාත්‍යවරයකුට මේ සංඛ්‍යා දත්ත අවදානම නොසලකා හරින්න බැහැ. අපි පියවර ගත්තේ නැතිනම් වෙන්න පුළුවන් මරණ ගණන දැනටමත් ඇස්තමේන්තු කිරීම් කර තිබෙනවා. අපි පියවර ගත්තේ නම් ඇතැම්විට දහස් ගණනක් මැරෙන්න පුළුවන්. අපි අප්‍රේල් මාසයේදී දැක්කට වඩා තත්ත්වය දරුණු වෙන්න පුළුවන්’’ යැයි අග්‍රාමාත්‍ය ජොන්සන් කීය.

නිරිත දිග එංගලන්තයෙන් දැනට ආසාදිතයන් අඩුවෙන් වාර්තා වුවද ඉදිරි සති කිහිපයේදී එම ප්‍රදේශවල රෝහල්වල ධාරිතාව ද ඉක්මවා යනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කීවේය.

‘‘වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට කාටද ප්‍රතිකාර කරන්නේ? කාටද ප්‍රතිකාර නොකරන්නේ කියලා තෝරාගැනීමක් කරන්න වේවි. කාටද ඔක්සිජන් දෙන්නේ කාටද ඔක්සිජන් නොදන්නේ කියලා තෝරාගන්න වේවි. ජීවත් වෙන්නේ කවුද මැරෙන්නේ කවුද කියලා තීරණය කරන්න වේවි’’ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීය.
 
ඒ.එෆ්.පී./රොයිටර්
 
055
 



අදහස් (3)

බ්‍රිතාන්‍යයත් අගුළු දමයි

මේඝ Sunday, 01 November 2020 08:21 AM

බ්‍රිතාන්‍යයට නොවෙයි අගුලු දමා ඇත්තේ, එංගලන්තයට අදාලව පමණයි එම තීරණය.

:       0       13

banda Sunday, 01 November 2020 09:02 AM

එංගලන්තේ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නේ නැහැ.

:       2       1

fairoos Monday, 02 November 2020 06:55 AM

අපේ සර් නම් කිව්වේ ලංකාවට අගුලු දමන්න ඕන වෙන්නේ නැහැ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1240 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site