(රේඛා තරංගනී ෆොන්සේකා)
කොවිඩ් ආසාදිත රෝගීන් 10 දෙනකු වාර්තා වීමෙන් අද (4) සිට ක්‍රියාත්මක වන පරිදි බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය දින හතරක් වසා දැමීමට කටයුතු කළ බව කොළඹ දිස්ත්‍රික්ක ආර්ථික මධ්‍යස්ථාන සභාපති කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
අහඹු ලෙස බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් 30 දෙනෙකු වෙත සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ දී 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙය ගනු ලැබූ බව ඒ මහතා පැවසීය.
ආසාදිත තත්ත්වයට පත්වූ වෙළෙන්දන් අතර එළවළු, පලතුරු සහ විවිධ වෙළදාමේ යෙදෙන පුද්ගලයන් වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
ඒ අනුව ලබන සඳුදා වන විට ආර්ථික මධ්‍යස්ථාන විෂබීජානුහරණය කිරීමෙන් පසු විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
එමෙන්ම මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ සියලු වෙළෙන්දන් සඳහා ද පී.සී.ආර් පරීක්ෂණ හෙට දිනයේදී සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .
කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි මීගොඩ,රත්මලාන,බෝකුන්දර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයන් හතරෙහි සභාපතිවරයා ලෙසද දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කටයුතු කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බෝකුන්දර ආර්ථීක මධ්‍යස්ථානය වහයි