IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පීසීආර් නොකර මිහිදන් කළ මළ සිරුර ගැන විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පී සී ආර් හෝ පශ්චාත්  මරණ පරීක්ෂණයක් නොපවත්වා පානදුර තොටවත්ත සුසාන භූමියක මළ සිරුරක් මිහිදන් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයක් අනුව විශේෂඥ වෛද්‍යවරියකගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

මෙලෙස මිහිදන් කර තිබුනේ පානදුර  තොටවත්ත කලීපා මාවතේ අංක 11/4 ඒ   පදිංචිව සිටි අහමඩ් ලෙබ්බේ තාගුර් පිචචේ (70 )පුද්ගලයෙකුගේ සිරුරය.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ  ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තරංගා නවෝදනී ,පානදුර මූලික රෝහල වෛද්‍ය අධිකාරි ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරන බව  අධ්‍යක්ෂවරයා කීය.ඉකුත් 13 වැනිදා  මෙම පුද්ගලයා මියගොස් තිබූ අතර  පි සි ආර් පරීක්ෂණයක් සඳහා  පානදුර මූලික රෝහලේ  මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබූ මළ සිරුර   එම පරීක්ෂණය හෝ පශ්චාත් පරීක්ෂණය  හෝ නොපවත්වා  රැගෙන ගොස්  මිහිදන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පල්ලිය මුල්ල සිරිනිවාස රාම විහාරස්ථානයේ විහාරාධිකාරී ඉමදුව සුගතවංශ හිමියන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව පානදුර උතුර පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් වන බවට ලද තොරතුරු අනුව, පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ  මහතාගේ උපදෙස් මත එම ස්ථානයට ගිය පොලිස් අධිකාරි උදය  අමරතුංග මහතා  එම හිමියන් බැහැදැක  සෞඛ්‍ය අංශයට අමතරව පොලිසියෙන්ද විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවට  පොරොන්දු වීමෙන්  අනතුරුව සිදුකිරීමට නියමිතව තිබූ එම විරෝධය තාවකාලිකව නවතා දැමිණි.
                       
අංක 11 /4 ඒ ලිපිනයේ පදිංචිව සිට  මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර මෘත ශරීරාගාරයේ සිට රැගෙන විත් ඇත්තේ   අංක 16 නිවසේ පදිංචි බවට ව්‍යාජ ලිපිනයක් ලබා දී බවත් ,  මළ සිරුර තැන්පත් කර ඇත්තේ  එම නිවසේ බවත්,  ඒ සම්බන්ධයෙන් හා මළ සිරුර වළ දැමීමෙන්  සිදුවන පරිසර හානිය මෙන්ම  සෞඛ්‍යය ගැටලු සම්බන්ධයෙන් ද  විධිමත් පරීක්ෂණයක් කරන ලෙස වේරවත්ත හා පල්ලිමුල්ල ප්‍රදේශවාසීන් පානදුර උතුර  පොලිසියට   ඊයේ 15 පැමිණිලි කළ බවත්, පල්ලිය මුල්ල සිරිනිවාසරාම  විහාරස්ථානයේ විහාරාධිකාරී ඉමදුව  සුගතවංශ හිමියෝ  පැවසූහ.
එම  පුද්ගලයා  පදිංචිව සිටි තොටවත්ත  නිවස  ආසන්නයේම  කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්  කීපදෙනෙකුම ඉකුත් දින කිහිපය තුළ හමුවී ඇති අතර එම  ප්‍රදේශයෙන් ආසාදිතයන් බහුල වශයෙන් වාර්තා වීම හේතුවෙන්  හුදෙකලා තත්ත්වයට පත්කිරීමට කොවිඩ්  පාලන මධ්‍යස්ථානයේ  ප්‍රධානී ලුතිනන් ජනරාල් යුද හමුදාපති ශවේන්ද්‍ර  සිල්වා  මහතා විසින් පෙරේදා 14 රාත්‍රීයේ සිට පියවර ගෙන තිබිණි.

කොරෝනා  රෝගීන් බහුලව සිටින ප්‍රදේශයක සිට   මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්  කිසිදු පරීක්ෂණයක් නොපවත්වා  මිහිදන් කිරීමට අවසර දීම සම්බන්ධයෙන් පාරදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයාගෙන් ,ග්‍රාම නිලධාරීවරයාගෙන්,අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඇතුළු කීපදෙනෙකු ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය.
===================================  



අදහස් (2)

පීසීආර් නොකර මිහිදන් කළ මළ සිරුර ගැන විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයක්

jayasekara Thursday, 17 December 2020 04:27 AM

අම්මෝ... මෙ මිනිස්සු අපිට දෙන වදයක්... පීසීආර් ටෙස්ට් කරන්න බැහැ කියනවා. කෙළ ගහනවා. මොක්කුන්ද මෙ?

:       0       0

BamunuarachchiThursday, 17 December 2020 02:05 PM

ජාතියේ වැරැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site