IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පැය 24ක් තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් 300,000ක්

කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ගත වූ පැය 24 ක කාලයේ දී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව සැප්තැම්බර් 13 වැනිදා දිනය තුළ දී එනම්, එම පැය 24 ක කාලයේදී ලොව නන්දෙසින් වයිරස ආසාදිතයන් 307,930ක් හඳුනාගත් බව එම සංවිධානය කියයි.

එම පැය 24 ක කාලයේදී වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. දෙවැනියට හා තෙවැනියට පිළිවෙළින් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ බ්‍රසීලයෙනි.

අවසන් පැය 24 දී ලොව විවිධ රටවලින් වාර්තා වී ඇති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත මරණ ගණනේ එකතුව 5,537කි. ඒ අනුව මේ වනවිට ලොව නන්දෙසින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 917,417ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 94,372 දෙනකු, ඇමෙරිකාවෙන් වයිරස ආසාදිතයන් 45,523 දෙනකු සහ බ්‍රසීලයෙන් වයිරස ආසාදිතයන් 43,718 දෙනකු හඳුනාගෙන ඇත.

එම කාලයේදී ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් වයිරස ආසාදිත මරණ 1,000 ඉක්මවා වාර්තා වී ඇති අතර බ්‍රසීලයේ සිදුව ඇති වයිරස ආසාදිත මරණ ගණන 874කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මීට පෙර වයිරස ආසාදිතයන් වැඩිම ගණනක් වාර්තා වූයේ සැප්තැම්බර් 6 වැනිදා ය. එදින වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 306,857කි. දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වූයේ අප්‍රේල් 17 වැනිදා ය. එදින ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 12,430කි.

මේ වනවිට දෛනිකව වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාවෙන් පසුගිය සතියේ දිනෙක වයිරස ආසාදිතයන් 97,570 දෙනකු හඳුනාගෙන තිබිණි.


රොයිටර්

055 



අදහස් (0)

පැය 24ක් තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් 300,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site