( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නල ඇළබඩගම පදිංචි 78 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවී තිබේ.
ආසාදිත කාන්තාවගේ පුතෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවය කරන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහුගෙන් මවට ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ.
මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැක කරන පුද්ගලයන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් අතරින් මේවනවිට පුද්ගලයන් පස්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පන්නල 78 හැවිරිදි මවකට කොරෝනා
කපිල Saturday, 10 October 2020 04:59 PM
කර්මාන්ත ශාලාවේ වගකීමක් නැති වැඩ නිසා විඳවන්නේ අහිංසක අම්මලා. මේ සිදුවීම පුංචි වැඩපලක වුණානම් අයිතිකාරයා මේ වෙනකොට හිරේ. කෝ නීතියේ සාධාරණත්වය?.