(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ලේ නාගොඩ නිවසක දී මියගොස් සිටි එකම පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදිත බව තහවුරු වූයේයැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ කුරුපනාව පදිංචි 73 හැවිරිදි පුද්ගලයකු සහ 72 හැවිරිදි කාන්තාවකි.
නිවසේ දී පෙරේදා (02) මියගිය සැමියාගේ සිරුර කරාපිටිය රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව ඊයේ (03) තහවුරු විය.
මේ අතර ඊයේ (03) බිරිඳ ද නිවසේ දී ම මියගියාය. ඇගේ සිරුර ද කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (04) උදෑසන ලැබුණු අතර ඉන් තහවුරු වී තිබුණේ ඇය ද කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බවයි.
මොවුන් දෙදෙනාගේ මළ සිරුරු නිරෝධායන නීති අනුව අද (04) සවස දඩල්ල ආදාහනාගාරයේදී දී ආදාහනය කිරීමට නියමිත බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
දේහයන් සම්බන්ද මරණ පරීක්ෂණ කරාපිටිය රෝහලේදී නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක මහතා විසින් සිදුකරන ලදී.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
978
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාගොඩ නිවසකදී මිය ගිය සැමියාට-බිරිදට කොරෝනා