ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉක්මවා ගියේය.
ඒ අනුව නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසුව එක් රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන එය විය.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසකින් දිනපතා වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වයිරසය පාලනය කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ග නැවත වරක් දැඩි විවේචනයට ලක්ව ඇත. දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන් වැඩි වීමත් සමඟ ඇතැම් ප්‍රාන්ත නැවත විවෘත කිරීම් කල් දැමීමටත් වයිරසය පැතිර යෑම වැළැක්වීමට පැනවූ සීමා තවදුරටත් පවත්වාගෙන යෑමටත් පියවර ගෙන ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 55,274ක් විය. එය දිනක් ඇතුළත ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන විය. මීට පෙර බ්‍රසීලයෙන් ජූනි 19 වැනිදා වයිරස ආසාදිතයන් 54,771ක් හඳුනාගෙන තිබිණි.
ෆ්ලෝරීඩාව ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 37කම දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් තිබිණි. දිනක් ඇතුළත ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද එය විය. එම ගණන යුරෝපයේ රටකින් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් තිබිණි.
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ද වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. එම ප්‍රාන්තයේ වයිරසය ආසාදනය වූ බව හඳුනාගත් පිරිසගේ සංඛ්‍යාව 37%කින් ඉහළ ගොස් තිබෙන අතර වයිරසය ආසාදනය වී රෝහල් ගත කරන පිරිසගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක කාලයේදී 56%කින් ඉහළ ගොස් ඇත.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 55,000ක්