කොරෝනා ආසාදිත තවත් රෝගීයකු අද (25) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 186 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී මිය ගොස් ඇත්තේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පිරිමි පුද්ගලයෙකි.