
චීනයේ නිපදවූ සිනෝෆාම් කොරෝනා මර්දන එන්නත මේ සතිය අවසානය වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව, එම එන්නතේ මාත්‍රා ලක්ෂ 3ක් චීනය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරනු ලැබ ඇත.
''අපි එන්නත් තොගය ලබාගැනීමට මේ දිනවල චීන තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කරමින්, සම්බන්ධීකරණයක නිරත වෙමින්. එය එන්නත් චීන අලුත් අවුරුද්ද සමරන පෙබරවාරි 12 වැනිදට පෙර ගෙන්වාගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා'' යැයි ද අමාත්‍යවරයා කියාසිටියේය.
චීනයේ සිනෝෆාම් එන්නත් තොගය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ආනයනය කෙරෙනු ඇත.
(16844)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලා ගහගන්නෙ ෆයිසර් එන්නතද, ඇස්ට්‍රා එන්නතද නැත්නම් චීන එන්නතද? ඇත්ත කියන්න චීන එක නෙවෙයි නේද?
රාජපක්ෂලාගේ මගුලක් නොවේ... ඔක්කෝටම කළින් ඔබේ ජීවිතේ බේරගන්න... මොකක්හරි එන්නතක් ගහගෙන..
පාර්ලිමේන්තු කට්ටියට වෙන්න ඇති...
ඔය ගෙන්නන අයම මේක විදගන්න. අපිට නං ඕක එපා.