IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


ගාල්ලේ වැඩිම ආසාදිතයින් බලපිටියෙන්

 

 
(ජේ.කේ.එල් චාමින්ද)                             

ගාල්ල දිස්ත්‍රික්කයේ  මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ  බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
 
ඒ අනුව මේ දක්වා කාලය තුළදී ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනකු අම්බලන්ගොඩ හා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුලින් පිළිවෙළින් කොරෝනා ආසාදිතයින් 10,11 බැගින් වාර් තා වි ඇති බවද හෙතෙම පවසයි.

අනික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් වාර් තා වි ඇත්තේ පහකට අඩුවෙන් බවද  ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
 
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121 දෙනෙකු වාර් තා වි ඇති අතර  ඉන් 73 දෙනෙකුම පැළියගොඩ මත්ස්‍ය වෙළදපොළට සම්බන්ධ ආශ්‍රිතයින්  බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා  කොළඹ නැව්තටාංගන පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 38 දෙනෙකු හා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 04 දෙනෙකු සිටින බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

 



අදහස් (1)

ගාල්ලේ වැඩිම ආසාදිතයින් බලපිටියෙන්

සමිත සේනක අලුත්ගමගේ. Friday, 13 November 2020 08:51 AM

එහෙනම්... බස්නාහිර සිට පමණක් සංචරණය තහනම් වන්නේ කෙසේද? ගාල්ල දිශාවට හෝ දකුණු පළාතට ඇඳිරි නීතිය දමන්නේ හෝ සංචරණ සීමා පනවන්නේ රෝගය පැතිරුණාම වෙන්න ඇති. බස්නාහිරට කළේත් එහෙමමයි. නියම මොලකාරයින්..

:       0       1

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1150 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2773 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 941 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 725 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 932 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 809 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1338 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3060 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2507 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site