IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගාල්ලේ මළ ගෙදරක ගිය තිදෙකුට කොරෝනා

(සිරංගිකා ලොකුකරවිට)
 

ගාල්ල, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උක්වත්ත ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ තිදෙනෙක් මේ වනවිට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය 11 වැනි දා සිට 13 වැනි දා දක්වා මෙම අවමංගල්‍යය පවත්වා ඇති අතර එයට සහභාගී වීමට කොළඹ සිට පැමිණි බැංකු සේවකයකු කොරෝනා ආසාදිත බවට වාර්තාවීම හේතුවෙන් අවමංගල්‍ය පැවැති දිනවල දී එම නිවසට ගිය පිරිස් නිරෝධායනයට ලක්කර තිබිණි.

කොළඹ සිට පැමිණි බැංකු සේවකයා සමග මළ ගෙදර අතරතුර මත්පැන් සාදයක් පැවැත්වූ පිරිසක් අතරින් දෙදෙනකු කොරෝනා ආසාදිත බව අද (27) උදෑසන ලැබුණු පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ගාල්ල නගරයේ රජයේ ප්‍රධාන කාර්යාලයක ගණකාධිකාරීවරයෙකි.

කොරෝනා දැඩි අවදානම් ප්‍රදේශයක් ලෙස කොළඹ නම් කර තිබිය දී එහි සිට පැමිණි පුද්ගලයන් සමග මත්පැන් සාද පැවැත්වීමත් එවැනි සාදවලට රජයේ ආයතනයක විධායක නිලධාරීන් පවා සහභාගී වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් සෞඛ්‍ය අංශ පවසයි. මෙවැනි වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමෙන් කොරෝනා පාලනය කිරීම අපහසුවන බව ද වෛද්‍යවරු පෙන්වා දෙති.

මීට පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ අහුංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ද මළ ගෙදරකට සහභාගීවීමට කොළඹ සිට පැමිණි කොළඹ නැව් තටාංගන සේවකයකු හේතුවෙන් විශාල පිරිසක් අතර කොරෝනා වසංගතය පැතිර ගිය අතර මේ වනවිට එම පොකුර පාලනය වී ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ උක්වත්ත ප්‍රදේශයෙන් ද එවැනි පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බවයි.



අදහස් (0)

ගාල්ලේ මළ ගෙදරක ගිය තිදෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site