(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
විදේශීය නෞකාවලට ආරක්ෂාව සපයන ගාල්ල නුගදූව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අද (12) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පී සී ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම පරීක්ෂණයේදී මෙම පුද්ගලයන් දෙදෙනා කොරෝන ආසාදිතයන් බවට තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
වයස අවුරුදු 44 සහ 45 වියේ පසුවන මෙම දෙදෙනා දෙවුන්දර සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම දෙදෙනා ඉකුත් හත්වෙනිදා තමන් සේවය කරන ලද නෞකාවෙන් බැස තිබේ.
මෙම දෙදෙනා සමඟ නිරෝධායන මධ්‍යස්ථානයේ එකම කාමරයේ සිටි අනෙක් පුද්ගලයාද කොරෝනා ආසාදිතයෙක් බව මීට පෙර තහවුරු වූ අතර ඔහු දැනට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.
අද දින කොරෝනා බවට තහවුරු වූ මෙම දෙදෙනා ද ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා