IMG-LOGO

ගම්පහින් ආසාදිතයන් පැය 24ට 1000 පනී

( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින්‍  1242 වාර්තාවන බව  බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 66,440 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් හමුවීම බියගම කොට්ඨාසයෙන් - 156 ක්, වත්තල - 145 ක්, ගම්පහ - 135 ක්, මිනුවන්ගොඩ - 89 ක්, දොම්පෙ - 82 ක්, මීරිගම - 81 ක්, කැලණිය සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් - 80 දෙනකු බැගින් , කටාන - 66 ක්, දිවුලපිටිය - 56 ක්, අත්තනගල්ල - 50 ක්, ජාඇල - 41 ක්, සීදූව - 25 ක් සහ මීගමුව කොට්ඨාසයෙන් එක් අයකු වශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

දිස්ත්‍රික්කයෙහි කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයන් 51 දෙනකු හමුව ඇති අතර පැය 24 ක් තුල ආසාදිතයින් 499 දෙනකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. රෝහල් ගත කොට ඇති කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 161 දෙනෙකි.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,284 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (1)

ගම්පහින් ආසාදිතයන් පැය 24ට 1000 පනී

kapila Sunday, 01 August 2021 06:58 PM

පෙර දින ලංකාවෙන්ම වාර්තා වෙන්නේ 2,150 යි. මේ පුවතේ හැටියට ගම්පහින් විතරක් 1,242 යි. එතකොට අනික් දිස්ත්‍රික්ක 24න් ම 908යි ද?. මුළු ගණන මීට වැඩි ඇති. මේ ගැන සොයා බලනන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site