( පුෂ්පකුමාර ජයරත්න)
ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් කීපයක කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් පුද්ගලයන් 148 දෙනෙකු අද (22) දිනය වන විට නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
පෙරේදා (21) දිනයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 733 කින් මෙම ආසාදිතයින් සංඛ්‍යාව හඳුනාගෙන සිටින බවද කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.මේවනවිට තිත්තවැල්ගාල ප්‍රදේශය තුළින් පමණක් නව කොරෝනා ආසාදිතයින් 175 දෙනෙකු වාර්තා වී ඇති බවද කරුණාරත්න මහත්මිය පැවසුවාය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මේවනවිට කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල , හුනුපොළ, සීරාදුන්න, අලුත්ගම සහ හෙට්ටිගම යන ග්‍රාම නිලධාරි වසම් කීපයම හුදෙකලා තත්ත්වයට පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd