(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉකුත් විසි හතර පැයේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 88 දෙනකු වාර්තා වී ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස 18 න් මෙම ආසාදිතයන් 88 දෙනා වර්තා වී තිබේ.
අකුරණ එක් ආසාදිතයකු , බඹරදෙණිය එක් ආසාදිතයකු, දොළුව එක් ආසාදිතයකු, ගඟවට කෝරළයෙන් ආසාදිතයන් දෙදෙනකු, හතරලියද්දෙන් එක් ආසාදිතයකු, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 11 දෙනකු, කුණ්ඩසාලෙන් ආසාදිතයින් 10 දෙනකු, මැදදුම්බරින් එක් ආසාදිතයකු, මැණික්හින්නෙන් ආසාදිතයන් හය දෙනකු, මිනිපෙන් එක් ආසාදිතයකු පන්විලෙන් ආසාදිතයන් දෙදෙනකු, පස්බාගේ කෝරළයෙන් ආසාදිතයන් හත් දෙනකු, පාතදුම්බරෙන් ආසාදිතයන් දෙදෙනකු, උඩදුම්බරින් ආසාදිතයන් 22 කු, උඩපළාතෙන් ආසාදිතයන් හත් දෙනකු, උඩුනුවරින් ආසාදිතයන් අට දෙනකු, සහ යටිනුවරින් ආසාදිතයන් තිදෙනකුද වශයෙන් මෙම ආසාදිතයින් 88 දෙනා 29 වනදා පෙරවරුව දක්වා වූ පැය 24 තුල වාර්තා වී තිබේ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගත වූ විසි හතර පැයේ මහනුවරින් ආසාදිතයෝ 88ක්