(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ කමරාගොඩ ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ දෙදෙනකුගේ විවාහ මංගල්‍ය උත්සවයෙන් අනතුරුව වැඩිමහල් මනමාල මහතා ඇතුළු 26 දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබේ.
එකම පවුලේ අයියා සහ මල්ලි එකම දිනයේ දී මනාළියන් දෙදෙනකු කැන්දාගෙන පැමිණ ඇත.
සඳලංකාව ප්‍රදේශයේ දේවස්ථානයක විවාහ දෙක සිදුකර ඇති අතර දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දෙවැනි දවසේ උත්සවය පවත්වා ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග පවසයි.
මෙම මංගල උත්සවයට දෙපාර්ශවයේම 350 දෙනකු පමණ සහභාගි වී තිබේ.
එක් මනාලයෙකු ඇතුළු තවත් පස් දෙනකු ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කමරාගොඩ රෝමානු කතෝලික දේවස්ථාන භූමියේ දී මංගල උත්සවයට සහභාගී වූවන් ගෙන් 28 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු කර තිබේ. එයින් 26 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.
කමරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසක් මේ වන විට නිවෙස් තුල නිරෝධායන සඳහා යොමු කර ඇත . නිරෝධායනය සඳහා යොමුකර ඇති සමහරක් පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරන බවත් මංගල්‍ය උත්සවයට සහභාගි වූ කිහිප දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු නොවී ඔවුනට අයත් වෙළඳ සැල් විවෘතව තබා ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මේකටත් අපේ ජනාධිපතිතුමාද වැරදි
කොරෝනා කියලා එකක් මිනිස්සුන්ට දැන් මතකත් නැති ගානයි...
තව පොදු ස්ථාන වලට එකතු වෙමු .අවුරුදු ජයටම කන්න පුළුවන්
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් . තවත් රැවටෙන්න එපා