(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම පොලීසිය සෞඛ්‍ය අංශ හා එක්ව දර්ගානගරයේ ස්ථාන දෙකකදී පුද්ගලයන් 400දෙනෙකු වෙනුවෙන් කළ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව, පුද්ගලයන් 27දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලීසියේ කොවිඩ් පැතිර යාම වැළැක්වීමේ නිලධාරියෙක් අද(15) පැවසීය.
මෙලෙස හඳුනාගත් පිරිස අතරින් කාන්තාවන් 5දෙනෙකු ද, පිරිමි පුද්ගලයන් 22නෙකුද වන බව කියයි.
මෙම පිරිස දර්ගානගරය හා මිහිරිපැන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ බව අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd