
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 9 දෙනෙකු අද (8 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස අතර පිරිමි 6 සහ කාන්තාවෝ තිදෙනෙක් වෙති.
මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 364 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.05 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 878 කි.



COMMENTS
ශ්රී ලංකාව තුළත් කොරෝනා හේතුවෙන් මරණ 1000 කට ආසන්න සංඛ්‍යාවක් සිදු වේවි. ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් කොරෝනා පොසිටිව් වේවි. එමනිසා මෙම රෝගයෙන් වැළකීමට නිසි සෞඛ්‍ය ආරක්ෂක පුරුදු නිතරම පිළිපදින්න. නිරෝධායන ක්‍රමතුළින් කිසිසේත් මෙය පාලනය කිරීමට නොහැකි වේවි. මොකද මෙය වයිරස් තත්ත්වයක් නිසා. හැමෝම සාමාන්‍ය පරිදි තම දෛනික කටයුතු කරන අතර නිතරම සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිපදින්න.