IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


රාජ්‍ය ආයතන පාලනයට හෙංචයියන් දැමීම නවත්වනු

රාජ්‍ය බැංකු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයකට ප්‍රධානීන් පත් නොකිරීම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ බරපතළ ගැටලු මතු වෙමින් තිබිණි. එකී තත්ත්වය මඟහරවාගෙන අදාළ පත්කිරීම් කඩිනමින් සිදු කිරීමට දැන් පියවර ගෙන තිබෙන බව පෙනේ. සමහර බැංකුවලට තාවකාලිකව ද තව රාජ්‍ය බැංකු කිහිපයකට ස්ථිර පත් කිරීම සිදුව තිබේ. සෙසු ආයතනවලට ද ඒ ආකාරයටම ප්‍රධානීන් පත්කිරීම අප්‍රමාදව සිදු කෙරෙනු ඇතැයි අපි සිතමු.

සෑම රාජ්‍ය ආයතනයකටම පත් කළ යුතු පුද්ගලයන් ඉහළ සුදුසුකම් සපුරා තිබීම අවශ්‍ය බවට තර්කයක් නැත. එහෙත් එම පත්කිරීම් ප්‍රමාදයකින් තොරව සිදුවීම ද අවශ්‍යය. මෙහිදී ප්‍රමාදය ගැන සෙවීම තේරුමක් නැති වැඩක් බව අපගේ විශ්වාසයයි. අවශ්‍ය වන්නේ සුදුසු පුද්ගලයන් වැඩි පමාවකින් තොරව ඒ ඒ ආයතනවලට පත්කරනු ලැබීමය. එය නොසිදුවන විට එහි බලපෑම් රටේ සෑම ක්ෂේත්‍රයකටම එල්ලවීම වළක්වනු නොහැකිය.

මෙහිදී අප ද අවධාරණයෙන් පවසන්නේ ආයතනවලට යෝජනා කරනු ලබන පුද්ගලයන් අදාළ ආයතනවල අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කරන සුදුසුකම් ඇති පුද්ගලයන්දැයි සොයා බැලීම අවශ්‍ය බවය. දැනගන්නට තිබෙන අන්දමට ඇතැම් රාජ්‍ය ආයතන අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා අදාළ අමාත්‍යවරුන් විසින් යවනු ලැබ ඇතැයි කියන්නේ යන්තම් සාමාන්‍ය පෙළ දක්වා පමණක් උගත් හිතවතුන් හෝ තමන්ගේ පෞද්ගලික සහකාරවරුන් එසේත් නැත්නම් සම්බන්ධීකරණ ලේකම්වරුන් වශයෙන් කටයුතු කරන පුද්ගලයන් බවය. එක් උදාහරණයක් වන්නේ එක්තරා ආයතනයක සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු විසින් දැරිය යුතු තනතුරකට අක්ෂි කාච සම්බන්ධ විශේෂඥයකු නම් කිරීම පෙන්විය හැකිය. මේ තොරතුරු හෙළිකර තිබුණේ තනතුරු සම්බන්ධයෙන් සලකා බැලීමට පත් කෙරුණු ජනාධිපති කමිටුවේ නිලධාරියකු විසිනි. ආණ්ඩුවේ තනතුරුලාභීන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ජනාධිපති කමිටුවක් පත් කිරීම විවාදසම්පන්න කරුණක් වියහැකි නමුත් මෙවැනි උදාහරණ මගින් පෙන්නුම් කරන්නේ තනතුරුලාභීන් ප්‍රබල පිරික්සීමකට ලක්විය යුතු බවයි.

ඉහළ සුදුසුකම් ලත් පුද්ගලයන් රාජ්‍ය ආයතනවලට පත් කිරීමෙන් එම ආයතන දියුණු වනවිට එය රටටම යහපතකි. ආර්ථිකයේ බර සැහැල්ලු කිරීමකි. රට දියුණුවට යොමු කරන මාවතකි. අවසානයේ ආණ්ඩුවට ද මේ ප්‍රතිඵල පෙන්වා ගොඩයා හැකිය. එහෙත් අපේ රටේ කරුමය වී තිබෙන්නේ නිදහසින් පසු බිහි වූ බොහොමයක් ආණ්ඩු මේ යථාර්ථය අමතක කර දැමීමය. රාජ්‍ය ආයතන තමන්ට ඕනෑ හැටියට ක්‍රියාත්මක විය යුතු පෞද්ගලික බූදලයක් වශයෙන් සලකන ඇමැතිවරයකුට එම ආයතන පාලනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ‘හොඳ මොළයක්’ නොව තමන්ට කීකරු හෙංචයියෙකි. ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් නැති තරමට එවැනි ඇමැතිවරු කැමැති වෙති. කොතැනකින් හෝ මේ ක්‍රියාදාමයට තිත තැබිය යුතුය. නැතහොත් අපේ රටට කවදාවත් ගොඩ ඒමක් නැත. 
රාජ්‍ය ආයතනවලට සුදුසුකම් ඇති හොඳ මොළ යොදවාගෙන හිස එසවූ රටක් වශයෙන් අපට ගත හැකි හොඳම උදාහරණය වන්නේ සිංගප්පූරුවය. වර්තමානයේ සිංගප්පූරුවේ වරාය ආසියානු කලාපයේ වඩාත්ම නවීකරණයවී ඇති ජාත්‍යන්තර මුවදොරකි. ඔවුන්ගේ සේවා සියලු බලවත් රටවලට සැපයෙන විට අපි තවමත් අපේ වරායවල් ඉන්දියාවට හෝ චීනයට උකස් කරමින් මුදල් සෙවීමට තැත් කරමු. සිංගප්පූරුවේ චැංගී ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසරේ මගීන් මිලියන 65කට සේවා පහසුකම් සලසා තිබුණි. මීළඟ දශකය තුළදී එම සංඛ්‍යාව මිලියන 70ක් දක්වා වැඩි කිරීමට තවත් පර්යන්තයක් ඉදිකිරීමට එරට රජය දැන් සිටම සැලසුම් කරයි. 

සිංගප්පූරු ගුවන් තොටුපොළ මෙහෙයවනු ලබන්නේ එකී ක්ෂේත්‍රය පිළිබඳ ඉහළම සුදුසුකම් ඇති වෘත්තිකයන් සහ විශේෂඥයන් පිරිසක් විසිනි. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. සිවිල් ගුවන් සේවා භාර ඇමැතිවරයා ගුවන් තොටුපොළ හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කරන්නේ තම සොහොයුරාය. ඒ සමඟ වරාය අධිකාරිය කළමනාකරණය සඳහා තම සොහොයුරා පත් කරන ඇමැතිවරයෙක් ද අපට සිටියි. සිංගප්පූරු ගුවන් සේවය ඉහළම ලාභ ලබන ආයතනයක් වශයෙන් ලෝ පුරා ප්‍රසිද්ධියට පත්වන විට අපේ ජාතික ගුවන් සේවය දේශපාලනඥයන්ගේ සෙල්ලම් බඩුවක් බවට පත්ව තිබේ. ප්‍රතිඵලය රටට දරාගත නොහැකි තරම් ණය කන්දරාවකින් ගුවන් සමාගම වැසී යාමය. ආර්ථික වශයෙන් සාර්ථක සහ ආර්ථික අගාධයකට වැටී සිටින රටවල් දෙක සැසඳුමට මේ උදාහරණ කිහිපයක් පමණි.

රාජ්‍ය ආයතනවලට සුදුසුකම් ඇති පුද්ගලයන් පත් කිරීමට උපමාන සකස් කළත් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඇතැම් ප්‍රධානීන් සම්බන්ධයෙන් එම උපමාන ක්‍රියාත්මකවී නැති බවට ද ඇතැම්හු චෝදනා කරති. උපමාන සකස් කළ යුත්තේ සෑමදෙනාටම එකසේ ක්‍රියාත්මක වීම සඳහා බව පෙන්වා දීමට කැමැත්තෙමු. එසේම තමන් සිදු කරන පත්වීම් තමාට වඩා රටේ උන්නතියට හේතුවන අන්දමින් සිදු කිරීම ඇමැතිවරුන්ගේ වගකීමක් බව ද සඳහන් කරමු.

ඒ සමඟ පැවැසිය යුත්තේ අපේ රට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා පැමිණ ඇති ගමනේදී සුවිශේෂී ජයග්‍රහණ ද ලබා තිබෙන බවය. දකුණු ආසියාවේ සාක්ෂරතාව, අධ්‍යාපනය, තාක්ෂණය, සෞඛ්‍යය සහ සංචාරක ව්‍යාපාරය වැනි විෂයන් අතින් අපට ආඩම්බර විය හැකි ජයග්‍රහණ ගණනාවක් තිබේ. ඒ බව සිහියේ තබා ගනිමින් ආර්ථිකය හරි පැත්තට පෙරළා ගැනීමට උත්සාහ කළොත් අපට වරදින්නට හේතුවක් නැත. ඒ වගකීම ඇත්තේ රට කරවන නායකයන් අතේය.



අදහස් (2)

රාජ්‍ය ආයතන පාලනයට හෙංචයියන් දැමීම නවත්වනු

de silva berlin Tuesday, 12 February 2019 04:37 PM

මෙම ආයතන වල පාලකයන් සදහා ක්ෂේත්‍රයේ පළපුරුද්ද අවුරුදු 10 සහ අවම අධ්‍යාපන සුදුසුකමක් ගැසට් කලානම් මේ ප්‍රශ්නේ ඇති නොවේ ,

:       1       47

kujith Thursday, 14 February 2019 09:56 AM

මේක නම් ඇත්ත.. මේක මුළු රටපුරාම දකින්න තියන දෙයක්... ශක්තිමත් රජයක් සහ රාජ්‍ය නායකයෙක් නැතිව මේවා කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

මහින්දගේ නිල නිවෙස අලුත්වැඩියාවේ ඇත්ත නැත්ත
2025 මාර්තු මස 14 1736 0

මහින්ද රාජපක්ෂ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසදායක තොරතුරු “ඩේලි මිරර්” පුවත්පතට ලැබ


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 343 0

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ඉන්දියානු තඹ සමාගමත් ලංකාව හැර යන ලකුණු!
2025 මාර්තු මස 13 1757 1

ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත


දිළින්දන් නොවී ආධ්‍යාත්මික සාර්ථකත්වය ලබමු
2025 මාර්තු මස 13 111 1

දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු


පළාත් පාලන ක්‍රම වෙනසක් අවශ්‍ය ඇයි?
2025 මාර්තු මස 13 77 0

2018 න් පසුව පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේ වුවද, ආර්ථික අර්බූදය සහ ආර්ථික අවපාතය හමුවේ පළාත් පාලන මැතිවරණය වරින් වර කල් ද


අයවැය සන්සුන්කමේ අභ්‍යාසය
2025 මාර්තු මස 12 319 0

ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ඉන් දින දෙකකට පසු, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ සැ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 264 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 606 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 267 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site