අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආබාධිත වූ හා මවුපියන් අහිමි වූ හෝ මවුපියන් ආබාධිත වූ දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 500ක ළමා අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි අප පුවත්පත වාර්තා කළේය. පාස්කු ප්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට අවශ්‍ය වූවහොත් රජයෙන් වියදම් දැරීමටත් වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනාගෙන ඒ අවශ්‍යතා සැපිරීමටත් රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වාර්තා කළ අප පුවත්පත ඒ සඳහා වන විශේෂ කැබිනට් පත්‍රිකාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
විශේෂ ඇගයීමට ලක් කළ යුතු පියවරකි. දෙයක් වූ විට සතියෙන් දෙකෙන් ඒ සියල්ල අප සමාජය අමතක කර දමන බවට චෝදනාවකි. එය චෝදනාවකටත් වඩා සත්‍යයට වඩාත් සමීප වූ තත්ත්වයකි. අවසානයේ වින්දිතයන්ට සියල්ල තනිවම දරා ඉවසාගෙන සිටීමට සිදුවේ. පොදු විපතකින් අනතුරුව එබඳු තත්ත්වයක් නිර්මාණය වීම කිසි ලෙසකින් හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි.
පාස්කු ඉරුදින මෙරට පුරවැසියන් දේවස්ථාන කරා ගියේ සිය ආගම දහම ඇදහීමටය. හෝටල් කරා ගියේ විවේකය විනෝදයෙන් ගතකර ඒමටය. මරාගෙන මැරෙණ අන්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වූයේ ඒ මොහොතේය. තුන්සිය පනහකට වැඩි පිරිසක් මිය ගියහ. පන්සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිය ප්‍රහාර සඳහා තෝරාගත් ස්ථාන එහි පැමිණි සිටි පිරිස් පෞද්ගලිකව ඉලක්ක කර තෝරාගත් ස්ථානද නොවේ. ඔවුන්ට වුවමනා වූයේ තම මනදොළ සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට මිනිස් බිලි ප්‍රමාණයකි. එම පුරවැසියන් සිය ජිවිතයෙන්ද සිය සිරුරෙන්ද වන්දි ගෙව්වේ ඒ පාපතර වුවමනාවටය.
අනපේක්ෂිත අනතුරෙන් ආබාධිතවූ දරුවන් වෙනුවෙන් මෙන්ම මවුපියන් අහිමිවූ දරුවන් වෙනුවෙන් සහන සැලසීමට රුපියල් මිලියන 500 ක ළමා අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කිරීම වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. එමගින් කියැවෙන්නේ විනාශය රුපියල් ශතවලින් ගණනය කරන බව හෝ එසේ කළ හැකිබව හෝ නොවේ. ආබාධිතයන්ට වින්දිතයන්ට තම ජීවිතය පවත්වාගෙන යාමට එබඳු පිහිටක් අවැසි හෙයිනි.
තිස් වසරක යුද සමයේදීද සාමාන්‍ය ජනයා ඉලක්ක කරමින් කොටි ත්‍රස්තවාදීහු ප්‍රහාර එල්ල කළහ. බස් බෝම්බ පුපුරවා හැරියහ. ජිවිතය සම්බන්ධ මහ මෙරක් උසට බලාපොරොත්තු පොදි බැඳ සිටි ජනයා මහ මඟ අකාලයේ මිය ගියහ. සදාකාලික ආබාධීත භාවයට පත්වූහ. පවුලක්ම රක්ෂා කළ පියා මිය ගියේය. එක්කෝ ආබාධිත විය.
සැබවින්ම ඒ දරුපවුල් වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීය. ඒ දරුපවුල්වල අද තත්ත්වය කෙබඳුදැයි පසු විපරමක්ද නැත. තමන්ගේ නොවන යුද්ධයකට තමන්ගේ ජිවිත වලින් වන්දි ගෙවූ මිනිසුන් එසේ නොසලකා හැරීම යුක්ති සහගත නැත. එහෙත් එයට වඩා වැඩි මනක් යමක් කිරීමට තරම් පරිසරයක්ද නොවූ බව ද තේරුම් ගත යුතුය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ආබාධිත හා වින්දිත දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වඩාත් අගය කළයුතු වන්නේද ඉහත පරිසරයට යටත්වය.
මෙබඳු සද් කාර්යයකට මුළු රටම ඒකාත්මික කරගැනීමේ දියුණු වැඩපිළිවෙළක් හඳුන්වා දෙන්නේ නම් එයද වැදගත්ය. රටේ සෙසු ජනයාට මෙබඳු සත්කාරයකට මැදිහත්වීමේ ඉඩකඩක් තිබිය යුතුය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතුය.
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ මහජනයාගේ දුක් ගැනවිලි බාරගැනීමට විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ ඒකකයක් පිහිටුවූ බවය. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ස්ථාපිත කර ඇති එම විශේෂ ඒකකයට දේශපාලන පළිගැනීම් මෙන්ම වංචා දූෂණ චෝදනා ආදිය ඉදිරිපත් කළ හැකිය.
එයද එක් යහපත් ප්‍රවණතාවකි. අප වැනි රටක මහජනයා හැඳින්වෙන්නේ ‘හඬක් නැති මිනිසුන්’ ලෙසය. දේශපාලන බලයට යටත් කළ මිනිසුන් ලෙසය. එබඳු මිනිසුන් සිතන්නේ ‘කළු ගල්වල ඔළුව හප්පා ගත නොහැකි’ බවය. එබඳු හඬක් නැති මිනිසුන් වෙනුවෙන් හඬක් නැඟීමට තැනක් තිබීම වැදගත්ය. තමන්ට සිදුවන අයුක්තියක්, අසාධාරණයක් දැනුම්දී යුක්තියක් සාධාරණයක් ඉටුකර ගැනීමට ප්‍රයත්නයක් දැරිය හැකි විශ්වසනීය ස්ථානයක් තිබීමෙන් මහජනයාගේ ආකල්පද වෙනස්වේ. රටක් ඉදිරියට යායුතුවන්නේ එබඳු යහපත් ප්‍රවණතා සමඟිනි.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මවුපියන් අහිමි වූ දරුවන්ට සහන සලසන පියවර අගයමු