IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දැයේ දක්ෂ දරුවන් දිරිමත් කිරීම අගයමු

රටක අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම අනාගතය උදෙසා සිදුකෙරෙන තිරසාර ආයෝජනයක් වෙයි. ඕනෑම ක්‍ෂේත්‍රයක උපායමාර්ග සැකසීම සහ යටිතල පහසුකම් ලබාදීම සඳහා අද කෙරෙන ආයෝජනය හෙට දවසේ රටටම ලබාදෙන්නේ යහපත් ප්‍රතිඵල ය. එය අඛණ්ඩවම සිදුවන ක්‍රියාවලියකි. උසස් පෙළ දරුවන් වෙනුවෙන් මේ වසරේ සිදු කෙරෙන ආයෝජනය තව වසර කිහිපයකට පසුව දිගටම රටට හිමි වෙයි. එවැනි ආයෝජන දිරිගැන්වීම අවශ්‍යය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙවර අයවැයෙන් අධ්‍යාපන ආයෝජන සම්බන්ධයෙන් වැදගත් යෝජනා ගණනාවක්ම ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය නොවන විශ්වවවිද්‍යාවලවලින් මූලික උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට රුපියල් මිලියන 1.1ක් තරම් වන පොලී රහිත ණය මුදලක් ලබාදීම එවැනි එක් ඵලදායී යෝජනාවකි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ  ''My Future'' ණය යෝජනා ක්‍රමය මේ සඳහා දායක කරගැනීමට නියමිතය. එම ණය ආපසු ගෙවීම සඳහා වසර 12ක් තරම් කාලසීමාවක් ලබාදීම සහ උපාධිය ලැබීමෙන් වසර 2කට පසුව ආපසු ගෙවීම ඇරැඹීමට පහසුකම් සලසාදීම ද එකී යෝජනාවේ වැදගත් අංග වශයෙන් දකිමු. එසේම සෑම දරුවකුටම වසර 13ක අධ්‍යාපනය ස්ථිරව ලබාදීමට රුපියල් මිලියන 32,000ක් වෙන් කර තිබීම ද යහපත් යෝජනාවකි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාක්ෂණය, වාණිජ හා කලා විෂය ක්‍ෂේත්‍රවලින් රටේ ඉහළම ප්‍රතිඵල පෙන්වන දක්ෂ දරුවන් පිරිසකට හාවර්ඩ්, එම්.අයි.ටී., ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි ඉහළම ගණයේ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගැනීමට පහසුකම් සැලසීමේ යෝජනාව මෙවර අයවැයේ අධ්‍යාපන ආයෝජන අතුරින් වඩාත් කැපී පෙනෙන යෝජනාව වශයෙන් පෙන්වා දිය හැක. මේ සඳහා Scholarship for Educational Excellence - SEE නමින් අරමුදලක් ස්ථාපිත කරන බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. මේ යෝජනාව රටේ දක්ෂ දරුවන් වැඩි පිරිසකට ලොකු රුකුලක් බව පැවැසිය යුතුය. මෙවැනි ඉලක්කයක් ලබාදුන් විට පසු පස හඹාගොස් ඒ ඉලක්කය ජය ගැනීමට වැර දරන දක්ෂ දරුවෝ අපේ රටේ සෑම දිස්ත්‍රික්කයකම වෙසෙති. ඔවුන්ට මෙය කදිම අත්වැලක් බව සඳහන් කළ යුතුය.

මේ වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන උසස් පෙළ විභාගයේදී මේ යෝජනාව ක්‍රියාත්මක කෙරෙන බවත් පළමු අදියරේදී ශිෂ්‍යත්ව 14ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට බලාපොරොත්තු වන බවත් මුදල් ඇමැතිවරයා කියා තිබිණි. එක් එක් විෂය ධාරාවේ ඉහළ ප්‍රතිඵල පෙන්වන සිසු සිසුවියෝ මේ මහඟු අවස්ථාවේ හිමිකරුවෝ වෙති. වසරින් වසර ශිෂ්‍යත්වලාභීන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කරන බව ද සඳහන්ය. මේ සියලු කාරණා මේ රටේ උසස් අධ්‍යාපනයේ නව අත්දැකීමක් සඳහා දක්ෂ සිසු දරුවන් පෙළඹවීමක් බවත් පැවැසිය යුතුය.

හාවර්ඩ්, කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් වැනි ලොව පිළිගත් ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබීම ඕනෑම දක්ෂ දරුවකුගේ සිහිනයකි. එය සැබෑ කර ගැනීමට හරස් වන්නේ ඒ සඳහා දැරිය යුතු වන අධික වියදමය. මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ මේ ශිෂ්‍යත්ව ක්‍රමය හරහා  ඒ සඳහා වැයවන සියලු මුදල් ලබාදෙන බවය. එක් දරුවකු සඳහා වාර්ෂිකව අැමෙරිකන් ඩොලර් 70,000ක් පමණ වැය කිරීමට සිදුවනු ඇති බවත් ආසන්න වශයෙන් රුපියල් මිලියන 12ක් වන එම මුදල සිසු දරුවන් 14කට ලබාදීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන්කර ඇති බවත් ඇමැතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කර තිබිණි. ඉදිරියේදී මේ කාර්යය සඳහා පෞද්ගලික අංශයට ද දායක විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබිණි. මෙවැනි රටේ අනාගතයේ වැදගත් කොටස්කාරයන් රැසක් බිහි කරන වැඩපිළිවෙළකට දායක වීමට පෞද්ගලික අංශය ඉදිරිපත් නොවීමට හේතුවක් නැත. මේ ක්‍රමය යටතේ ඉගෙන ගන්නා සෑම ශිෂ්‍යයකුම උපාධිය ලබා ගැනීමෙන් පසුව රටට ආපසු පැමිණ වසර 15ක් තම සේවය රටට ලබාදිය යුතු බවට කොන්දේසියක් ද මෙහිදී පනවා තිබේ. එය මේ වැඩපිළිවෙළ හරහා රටට උපරිම සේවයක් ලබාගැනීමට යෙදූ කොන්දේසියකි.

උසස් පෙළ විභාගයේදී විෂය ධාරා 5කින් මෙවර උපරිම දක්ෂතා පෙන්වන දරුවන්ට මේ ආකාරයට හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් සිහින සැබෑ කරගැනීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයාට අපගේ ප්‍රශංසාව හිමි වෙයි. එම වැඩපිළිවෙළ අතරමගදී කඩාකප්පල් වීමට ඉඩ නොදී පවත්වාගෙන යාම ආණ්ඩුවේ වගකීමක් බවත් මෙහිදී පෙන්වා දිය යුතුය. වෙන් කරන මුදලින් උපරිම ප්‍රයෝජන රටට ලැබිය යුතු සේම වෙන් කරන මුදල් ඉලක්කම්වලට පමණක් සීමා නොවීම ද අවශ්‍යය. ඉතා වටිනා වැඩපිළිවෙළකට පදනම් වන මේ යෝජනාව සාර්ථක කර ගැනීමට මෙරට බුද්ධිමත් දරුවන්ගේ සහ ඔවුන්ගේ මවුපියන්ගේ ආකර්ෂණය පමණක් නොව විශ්වාසය ද අවශ්‍ය බවත් සඳහන් කරනු කැමැත්තෙමු.



අදහස් (2)

දැයේ දක්ෂ දරුවන් දිරිමත් කිරීම අගයමු

Cisco Tuesday, 19 March 2019 04:55 AM

මෙය හොඳ ක්‍රියාවක් බව අපි අගය කරන්නෙමු. නමුත් අධ්‍යාපනයට දෙනවා කිව්වා සියයට හය නම් මෙවර අයවැයෙන්වත් ලැබිල නැහැ කියල කණගාටුවෙන් සටහන් කරන අතර එය ගිය වසරටත් වැඩ අඩු බව නම් හැඟේ.

:       0       3

smn Tuesday, 19 March 2019 01:52 PM

සත්තකින්ම ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව කිවයුතු නැහැ... වැඩ පිළිවෙල සර්ව ප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා !!! රටට බරක් නොවී පෞද්ගලික පාසල්වල සිප්සතර හදාරණ මධ්‍යම පන්තික දක්ෂ සිසු දරුවන්ටත් යහපතක් වන විදිහට වැඩ පිළිවෙල සකස් කර ගන්නා මෙන් ඉල්ලා සිටින්නට කැමැතියි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 509 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site