සරලව, සුවෙන් සිටීමට කෑම බීම වගේම සරල ව්‍යායාමයක නිරත වීමත් දෛනිකව අවශ්‍ය අංගයකි. ඇවිදීම, පිහිනීම, දිවීම මගින් වුවද සිරුරේ සෑම මාංශපේශියකටම හොඳින් ව්‍යායාම ලැබේ. සිරුරේ නම්‍යශීලීතාව රැක ගැනීමේ සිට නිරෝගී දිවි පෙවෙතක් දක්වාම සරල ව්‍යායාම වැදගත් වන්නේ කෙසේද යන්න මෙවරදී දැනුම්වත් වෙමු.
1) ඔබේ බර පාලනය කරයි.
අධික ස්ථුලතාව අද කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම එකසේ බලපාන පොදු ගැටලුවකි. තරබාරුව නොඑසේනම් අධි බර නිසා අපහසුතා මෙන්ම ලෙඩ රෝග ගණනාවකින්ම පීඩා විඳීමටත් සිදුවන බව සත්‍යයකි. එබැවින් අප ගන්නා ආහාරවල ඇති අනවශ්‍ය කැලරි දහනය වීම ව්‍යායාම මගින් සිදුවේ.
2) හෘද රෝග අවදානම අඩු කරයි
හෘද රෝග යනු වයස්ගත පුද්ගලයන්ට පමණක් නොව තරුණ පරපුරද ඩැහැ ගන්නා බෝ නොවන රෝග අතර ප්‍රමුඛස්ථානගත රෝගයකි. නිසි වෛද්‍ය උපදෙස් මත සරල ව්‍යායාමයක නිරත වීම හෘද රෝගීන්ට වුවද කළ හැකි ය.
3) රුධිරගත සීනි සහ ඉන්සියුලින් අවම කෙරේ.
4) දුම්පානයට ඇබ්බැහි වූවන්ට ඉන් මිදීමට සුදුසුම ක්රමයකි.
5) මානසික සෞඛ්‍යය, මනෝභාවය වැඩි දියුණු කර ගත හැකියි.
6) සිතීම , ඉවසීමට ඔබ ප්‍රගුණ කරවනවා පමණක් නොව කුසලතා ඔප් නංවාලීමටත් උපකාරී වේ.
7) තාරුණ්‍යය රැක දේ.
8) සන්ධි රෝග වැනි රෝගාබාධවලින් ඔබ ඈත් කර තබයි.
එබැවින් ඔබ කොපමණ කාර්යබහුල වුවත් සරල ව්‍යායාමය අපට අත්‍යවශ්‍ය බැව් වටහා ගත යුතුය. සෑම දිනකම ඔබට පහසු වේලාවක් තෝරා ගෙන විනාඩි 30ක් පමණ නොකඩවා ව්‍යායාම් කිරීමට හුරු වන්න. එම විනාඩි 30 තුළ කඩින් කඩ ව්‍යායාම කිරීම සිදු නොකරන්න. දහදිය පිටවන තුරුම හොඳින් සහ නිවැරැදිව ඔබ ව්‍යායාමයක නිරත වන්නේ නම් නිරෝගී පුද්ගලයකු ලෙස ඔබට ලැබෙන ප්රතිලාභ අසීමාන්තික බවද කිව යුතුමය.
-සටහන- මාධවී ධර්මරත්න
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සරල ව්‍යායාම මගින් සිරුරට ලැබෙන වාසි
dusanthayagahavita Wednesday, 16 March 2022 05:59 AM
ඉතා හොඳ පුවතක්