කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්යක්ෂකවරු 2ක් හිරේ
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්රදේශයේ පුද්ගලික සමාගමක අධ්යක්ෂ වරුන් වන අඹු සැමි යුවලක් කළ ඉල්ලීමක් ඉවත දැමූ කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අදාළ මුදල් වහාම ගෙවන ලෙස නියෝග කරමින් මාස හයක ලීහිල් වැඩ සහිත සිරදඬුවමක් අද (07)නියම කළේය .