ගතවූ පැය 24 දී ලොව කොරෝනා මරණ 11000 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවලට අනුව අවසන් පැය 24 දී ගෝලීයව නව කොරෝනා වයිරස ආසාදිතයන් 666,000ක් හඳුනාගෙන ඇති අතර අවසන් පැය 24 දී ලොව නන්දෙසින් වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 11,617කි.